අනියම් සැමියා එල්ල කළ පහරින් 06 හැවිරිදි දරුවාට දිවි අහිමි වෙයි

මවගේ අනියම් සැමියාගේ පහරකෑමට ලක් වූ 6 හැවිරිදි කුඩා දරුවකු අද (13) අළුයම ගම්පහ මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගම්පහ පොලිසිය පවසනවා.

ගම්පහ , පහලගම ප්‍රදේශයේ පදිංචි ඉඳුනිල් චතුරංග නැමැති කුඩා දරුවා මෙසේ ඝාතනය කර තිබේ.

පොලීසිය විසින් එම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.