අනාරක්ෂික වගා ළිඳකට වැටීමෙන් කුඩා දැරියක් ජිවිතක්ෂයට

කැප්පෙටිපොළ සිල්මියාපුර ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට වැටීමෙන් වයස අවුරුදු තුන හමාරක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

දැරිය නිවසේ තනිව සෙල්ලම් කරමින් සිට ඇති අතර මද වේලාවකින් ඇය පෙනීමට නොසිටීම හේතුවෙන් කළ සොයා බැලීමකදීයි අනාරක්ෂිත ළිඳට වැටී සිටියදී හමුවී ඇත්තේ. අද උදෑසන 10ට පමණ මෙම අනතුර සිදුවී තිබෙනවා.

මිය ගිය දැරියගේ පියා විදේශ රටක රැකියාවක නිරත වන අතර, ඇය නිවසේ වාසය කර ඇත්තේ මව සමඟයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මෘත ශරීරය බදුල්ල මහ රෝහලට යොමු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කැප්පෙටිපොළ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

2 1
WhatsApp Image 2023 01 01 at 17.27.21