අනාගතය ගැන සිතා ජනතාව තීරණයක් ගත යුතුයි – ජනපති

කිසිවෙකුට විසඳිය නොහැකි යැයි පැවසූ ආර්ථික අර්බුදය විසඳීමට තමන් සමත් වුවත් නිසි ආර්ථික පරිවර්තනයක් සිදු නොකර මෙම වැඩපිළිවෙළ අතරමග නතර කළහොත් යළිත් රටේ ආර්ථිකය කඩා වැටෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාව තම අනාගතය පිළිබඳ සිතා තීන්දුවක් ගත යුතුව ඇති බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉදිරිපත් වූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමේ Ask Ranil වැඩසටහනට ඊයේ (19) එක්වෙමිනි.

පසුගිය වසර 75ක කාලය තුළ සිටි පාලකයන් රටේ දියුණුව වෙනුවෙන් කිසිවක් සිදු කර නොමැති බවට ඇතැම් පාර්ශ්වයන් චෝදනා කළත් එය නිවැරදි නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටට සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට නොහැකි වූයේ දේශීය ආර්ථිකයක් ගැන කථා කරමින් ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ ගෙන ගිය මතවාද නිසා බවද කියා සිටියේය.

රට හමුවේ ඇති ආර්ථික අර්බුදය විසඳීමට නම් පක්ෂ බේදයෙන් තොරව අලුතින් සිතා අලුත් වැඩපිළිවෙළකට යා යුතු බවද සඳහන් කළ ජනාධිපතිවරයා ඒ සඳහා විශාල කණ්ඩායමක් තමා සමඟ එක්ව සිටින බවත් එබැවින් තමා මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට තීරණය කළ බවත් ප්‍රකාශ කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32