අන්තිම තරගය ජයගෙන ශ්‍රී ලංකාව ගෙදර එයි

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පළමු ජය වාර්තා කිරීමට අද (17) සමත් වුණා.

ඒ, ශාන්ත ලුසියා හි ඩැරන් සැමී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් නෙදර්ලන්තය ලකුණු 83කින් පරාජය කරමින්.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවී අවසන්.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ නෙදර්ලන්ත ආරාධනයෙන් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දුන්නා.

ඒ, අනුව මෙම තරගයේ දී තම වගකීම හඳුනාගත් ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 201ක් දවා ලකුණු සීමාවකට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඔසවා තැබීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කඩුලු 06ක් දැවී අද රැස්කළ මෙම ලකුණු සංඛ්‍යාව දැක්වෙන්නේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී මෙතෙක් කණ්ඩයමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසටයි.

ඒ, අනුව ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක ලකුණු 46 බැගින් රැස්කළ අතර, ධනංජය ද සිල්වා ලකුණු 34ක් රැස් කළා.

අනතුරුව ලකුණු 202ක ඉලක්කයක් හඹා යාමට නෙදර්ලන්තය පිටියට පිවිසි අතර, එහිදී ඔවුන්ට පන්දුවාර 14යි පන්දු 02ක් තුළ සියල්ලන් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 118ක් පමණයි.

ඒ, අනුව මෙම තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 83ක් දැවැන්ත ජයක් හිමි වුණා.

මෙම තරගේදීත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් සිය වගකීම මැනැවින් ඉටුකළ ආකාරය දැකගත හැකි වුණා.

ඒ, අනුව නුවන් තුෂාර නෙදර්ලන්ත ඉනිමේ කඩුලු 03ක්, වනිදු හසරංග සහ මතීෂ පතිරණ කඩුලු 02 බැඟින් බිද දැමුවා.

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය ‘D’ කාණ්ඩයෙන් මූලික වටයේ තරග සඳහා ඉදිරිපත් වූ අතර, එම කණ්ඩායම් දෙකටම සුපිරි 08 වටයට පිවිසීමට අවස්ථාව උදා වූයේ නැහැ.

එම කාණ්ඩයෙන් සුපිරි 08 වටයට පිවිසීමට අවස්ථාව උදාකරගත්තේ දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය පමණයි.

1 4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16