අන්තරාදායක ඔෂධ ජාවාරමේ නිරත දෙදෙනෙක් STF අත්අඩංගුවට

වෛද්‍ය නිර්දේශයක් නොමැතිව අන්තරාදායක ඖෂධවන විවිධ වර්ගයේ මත්කරල් සන්තකයේ තබාගෙන අලෙවි කළ පුද්ගලයන් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය පස්සර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට බදුල්ල මහ රෝහල ඉදිරිපිට පිහිටි ඖෂධ අලෙවිසැලක ඊයේ (13) සිදුකළ වටලිමක දී මෙම සැකකරුවන් සහ මත්කරල් තොගයක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එහි දී වෛද්‍ය නිර්දේශයක් නොමැතිව රුපියල් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු අන්තරාදායක ඖෂධ වන විවිධ වර්ගයේ මත්කරල් 891ක් සොයාගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා බදුල්ල සහ දෙමෝදර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 46, 58 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙක්.

විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගැනුණු ඔවුන් දෙදෙනා සහ මත්කරල් තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ආහාර හා ඖෂධ පරීක්ෂක නිළධාරින් වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39