අන්තර්ජාලය හරහා සිදුවන ලිංගික අපරාධ මැඩලන්න විශේෂ මෙහෙයුමක්

අන්තර් ජාලය හාරහා සිදුවන ලිංගික අපරාධ මැඩලීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව වැට්ස්ඇප්, ෆේස්බුක්, ඉමෝ, ටෙලිග්‍රෑම් ආදී සමාජ මාධ්‍යවල නිර්මාණය කර ඇති අසභ්‍ය තොරතුරු හුවමාරුවන මෙරට පුද්ගලයින්ට සම්බන්ධ සමූහ 30කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව විමර්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එවැනි සමූහ පවත්වාගෙන යන පුද්ගලයින්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ෂන සිදුකරන බවද වාර්තා වනවා. මෙම බොහෝ සමාජ මාධ්‍ය සමූහ අසභ්‍ය සහ ලිංගිකත්වය පිළිබඳ විවිධ අරුත් දෙන නම්වලින් පවත්වාගෙන යනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?