අන්තර්ජාලයෙන් ක්ෂණික ණය මුදල් දෙන වංචාවට ඔබත් හසුවුණා ද?

අන්තර්ජාලය ඔස්සේ ක්ෂණික ණය පහසුකම් ලබාදෙන බවට ෆේස්බුක් සමාජ මාධ්‍ය ජලය ඔස්සේ දැන්වීම් පළකරමින් මුදල් ජාවාරම් කළ පුද්ගලයෙකු ගම්පහ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විවිධ පුද්ගලයින්ගේ ගිණුම්වලින් සැකකරු රුපියල් ලක්ෂ 15ක පමණ මුදලක් මෙම වංචාව ඔස්සේ ලබාගෙන ඇති බවටයි හෙළිවී ඇත්තේ.

කඳාන ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරු සතුව තිබී සිම් කාඩ්පත් 73ක් ද සොයාගෙන තිබෙනවා.

මෙම පුද්ගලයාගේ අනියම් බිරිඳ බව කියන කාන්තාවක ලබාදුන් තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

ණය ලබා දෙන බව පවසමින් මුහුණු පොතේ දැන්වීම් පළ කර ණය අවශ්‍ය පුද්ගලයින්ගේ ජාතික හැඳුනුම්පත් හා බැංකු ගිණුම් අංක ලබාගෙන එම ජාතික හැදුනුම්පත් අංකයට සිම් කාඩ්පත් මිලදී ගෙන ඉතා සූක්ෂමව අදාළ පුද්ගලයින්ගේ බැංකු ගිණුම්වලින් මොහු අන්තර් ජාලය හරහා තම ගිණුමට මුදල් බැරකරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මොහුගේ මෙම වංචාවට හසුවූ පුද්ගලයින්ගෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථානවලට පැමිණිලි 13ක් දැනටමත් ලැබී ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14