අනතුරට පත්වූ යාත්‍රාවක සිටි 38 දෙනෙකු බේරා ගැනේ

ඩෙල්ෆ්ට් ජැටියේ පිවිසුම් දොරටුවේදී අනතුරට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිටි පුද්ගලයන් 38 දෙනෙකු නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව බේරාගෙන තිබෙනවා.

නාවික හමුදාව අද උදෑසන සිදු කළ විශේෂ මෙහෙයුමක් මඟිනුයි ඔවුන් බේරාගෙන ඇත්තේ.

අනතුරට පත් ට්‍රෝලර් යාත්‍රාවේ සිටි පුද්ගලයන් බේරාගෙන එහි ප්‍රවාහනය කරමින් තිබූ ගොඩනැගිලි ද්‍රව්‍ය තොගයක් මුහුදුබත් වීමට නොදී ගොඩ ගැනීමටත් කටයුතු කෙරුණා.

යාපනය, පුණ්ගුඩුතිව් දූපතේ පිහිටි කුරිකඩ්ඩුවාන් ජැටියේ සිට ‍ඩෙල්ෆ්ට් දූපත දක්වා පුද්ගලයන් තිස් අට දෙනෙකු (38) සමඟ ගොඩනැගිලි ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රෝලර් යාත්‍රාවක් ‍මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

ඩෙල්ෆ්ට් දූපතේ වරාය පිවිසුම් දොරටුව අසලදී මුහුදේ පැවති බාදිය තත්වය (Low Tide) හමුවේ යාත්‍රාවේ පතුල මුහුදු පත්ලේ ගැටී යාත්‍රාව සිදුරු වීම හේතුවෙන් යාත්‍රාව තුළට ජලය කාන්දු වීම අනතුරට හේතුව බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම යාත්‍රාව අනතුරකට පත්වී ඇති බවට නාවික හමුදාවට තොරතුරක් ලැබුණු අතර ඊට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනයට අනුයුක්ත වෙරළබඩ මුර යාත්‍රා සහ කුඩා යාත්‍රා යොදා ගනිමින් අනතුරට පත් යාත්‍රාව සහ එහි සිටි පුද්ගලයින් නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කරනු ලැබුවා.

නාවික හමුදාව සිදු කළ මෙම මෙහෙයුම හේතුවෙන් සිදූවීමට තිබූ විශාල ජීවිත හා දේපල හානියක් වළක්වා ගැනීමට හැකි වූ අතර, ‘කාලි අම්බාල් 2’ නම් මෙම යාත්‍රාව ‍ඩෙල්ෆ්ට් දූපතේ වරාය පිවිසුම් දොරටුවෙහි අනතුරට පත්ව ගිලි ගියේ නම්, ‍ඩෙල්ෆ්ට් දූපත වෙත සිදුකරනු ලබන සියළුම ගමනාගමන කටයුතු ඇණහිටීමටත් එහි පරිපාලනයට විශාල බලපෑමක් සිදුවීමටත් ඉඩ තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34