අනතුරක් සැඟවූ පිරිසක් රක්ෂිත බන්ධනාගාරයට – තුවාලකරු දැඩිසත්කාරයේ (වීඩියෝ)

වෑන් රථයක ගැටී අනතුරකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි යතුරුපැදිකරුවෙකු අනතුර සිදුකළ වෑන් රථයේ දමාගෙන ගොස්, සිතාමතාම රෝහල් ගතකිරීම ප්‍රමාද කළ සැකකරුවන් තිදෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පුත්තලම වැඩබලන මහෙස්ත්‍රාත්වරයා අද (02) නියෝග කළා.

ලබන 12 වනදා දක්වා මෙලෙස රක්ෂිත බන්ධාගාර ගත කළේ වෑන් රථයේ හිමිකරු, එහි රියදුරු සහ තවත් පුද්ගලයෙකුයි.

පසුගිය ජුනි 28 වනදා රාත්‍රියේ මෙම අනතුර පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගයේ පුලිච්චාකුලම ප්‍රදේශයේ දී සිදුව තිබුණා.

මෙම අනතුරින් බරපතළ තුවාල ලැබුවේ අශාන් මධුෂාන් මෙන්ඩිස් නැමති 35 හැවිරිදි දෙදරු පියෙක්.

අනතුර සිදුවීමෙන් පසු ඒ අසළ සිටි පුද්ගලයින් ඔහුව ගිලන් රථයක් ගෙන්වා රෝහල් ගත කිරීමට සැරසෙන අවස්ථාවේ දී
වෑන් රථයේ සිටි පිරිස ඔහුව එම වෑන් රථයටම දමාගෙන රෝහල්ගත කරන බව පවසමින් රැගෙන ගොස් තිබුණා.

මෙම පිරස විසින් තුවාලකරු කිලෝ මීටර් 02ක් පමණ දුරින් පිහිටි මුන්දලම රෝහලට ඇතුළත් නොකර, කිලෝ මීටර් 25ක් පමණ දුරින් පිහිටි පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත්තේ අනතුර සිදුව පැය 03කට පසුව බවටයි අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් වෑන් රථයේ සිටි පිරිස මධුෂාන්ගේ ඥාතීන්ට පවසා ඇත්තේ තුවාල ලබා මාර්ගයේ වැටී සිටියදී මෙලෙස ඔහුව රෝහල් ගත කළ බවයි.

අනතුර සිදුවූ ස්ථානයේ වැටී තිබූ වෑන් රථයේ අංක තහඩුව ඔස්සේ එහි හිමිකරු මුන්දලම පොලිසිය විසින් අනාවරණ කරගෙන ඇති අතර, ඔහු එහිදී ප්‍රකාශ කර ඇත්තේ එම වෑන් රථය තමන් මීට කලකට පෙර වෙනත් පුද්ගලයෙකුට විකිණූ බවයි.

ඒ, අනුව වෑන් රථය මිලට ගත් පුද්ගලයා පොලිසිය විසින් සොයාගෙන ඔහුව සහ වෑන් රථයේ රියදුරු මෙන්ම අනතුර සිදුවන අවස්ථාවේ එහි සිටි අයෙක් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී පවසා ඇත්තේ අනතුරට ලක්වූ මධුෂාන්ව වෑන් රථයේ නංවාගෙන ගොස් අතර මඟ නවතා ත්‍රිරෝද රථයක් ගෙන්වා ගෙන ඔහුව රෝහල්ගත කළ බවයි.

ත්‍රිරෝද රථය පැමිණෙන තෙක් බරපතළ තුවාල ලැබූ මධුෂාන්ව අනතුර සිදුකළ වෑන් රථය තුළ පැය 03ක පමණ කාලයක් තබාගෙන සිටි බවත්, අනතුරුව වෑන් රථය මන්නාරම ප්‍රදේශයේ සැඟවූ බවත් සැකකරුවන් වැඩිදුරටත් පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

රිය අනතුරක් වසන් කීරීම, රෝහල් ගත නොකර තුවාලකරු රඳවා තබා ගැනිම, අන්තරාදායක අනතුරක් සිදුකිරීම ඇතුළු චෝදනා සැකකරුවන්ට එරෙහිව ගොනු කිරීමෙන් පසු ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

මේ අතර අනතුරින් පසු අධික රුධිර වහනය වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති මධුෂාන්ගේ දකුණු පාදය එහිදී ඉවත් කර ඇති අතර, ඔහු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

https://youtu.be/_rE3Epwxjro


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25