අධි ධාරිතාවයක් සහිත විදුල රැහැනක ගැටිමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියයයි

පස්සර නමුණුකුල බුටාවත්ත ප්‍රදේශයේ දි අද (24) උදෑසන අධි ධාරිතාවයක් සහිත විදුල රැහැනක ගැටිමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් 02 නෙක් මියගොස් තවත් 03 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ බුටාවත්ත නමුණුකුල පදිංචි පි සෙල්වකුමාර (28), සහ පි.රමේෂ් (38) යන පුද්ගලයන් දෙදෙනා බවත් එම ප්‍රදේශයේම පදිංචි 39, 43 සහ 57 වියේ පසුවන තවත් තිදෙනෙකු පස්සර මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ.

අද උදැසන නමුණුකුල බුටාවත්ත ශ්‍රි සුබ්‍රමනියම් දේවාලයේ සිට පිටත්වු රදම් පෙරහැරක් ප්‍රදේශයේ සංචාරය කොට නැවත දේවාලයට පැමිණෙමින් සිටියදි මාර්ගයට ඉහලින් ඇද තිබු අධි ධාරිතාවයක් සහිත විදුලි සම්ප්‍රේෂණය පද්ධතියේ විදුලි රැහැන් වල එම කරත්තය ගැටි මෙම අනතුර සිදුව ඇති බව විමර්ශන වලදි අනාවරණය වු බවත් පොලිසිය පවසයි.

මියගිය අයවලුන් ගේ මෘතදේහයන් පස්සර මුලික රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර නමුණුකුල පොලිසිය මේ පිළිබඳව වැඩිදුරටත් විමර්ශන සිදුකරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?