අධිවේගී මාර්ගවලට STF එකෙන් බහියි

අධිවේගී මාර්ගයේ සිදුවන හදිසි අනතුරුවල දී ජීවිත ගලවා ගැනීම් සහ ගිනි නිවීම් සේවා කටයුතු සඳහා ඊයේ (10) රාත්‍රියේ සිට නැවතත් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අනුයුක්ත කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එෆ්. එම්. පි. සූරිය බණ්ඩාර මහතා පැවසුවා.

මේ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව , කොළඹ පිටත වටරවුම් මාර්ගය, නව කැලණි පාලම හා සහ කොළඹ – කටුනායක මාර්ගයන් හි වන හදිසි අනතුරුවලදී ජීවිත ගලවා ගැනීම් සහ ගිනි නිවීම් සේවා කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් යෙදවීමටත් ඊට අමතරව මේ වන විට විශේෂයෙන් හඳුනාගෙන ඇති කොළඹ – කටුනායක මාර්ගය, නව කැලණි පාලම ,කොළඹ පිටත වටරවුම් මාර්ගය හි විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ඉකුත් කාලය පුරා අධිවේගී මාර්ගයේ දේපළ සොරා ගැනීම් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ඒවා ආරක්ෂා කිරීම සඳහා 20 දෙනෙකුගෙන් සමන්විත පොලිස් විශේෂ කාර්ය බළකා යෙදවීමට ද නියමිත ව ඇති බවයි වාර්තා වන්නේ.

එම රාජකාරී සඳහා පැමිණි පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් තම රාජකාරි ආරම්භ කිරීමට පෙර ගිනි නිවීම් රථ සහ අනෙකුත් සේවා කටයුතු සඳහා නියමිත ගිලන් රථ පරීක්ෂා කිරීම ඊයේ රාත්‍රියේ ම සිදු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18