අධිකරණයෙන් දඩ කෑ පියා සහ බාප්පා නිසා කොස්තාපල් පුතා රස්සාවෙන් දොට්ට

පියා සහ බාප්පාට අධිකරණයෙන් දඩ නියම කර ඇති බව, බඳවා ගැනීමේ ආකෘති පත්‍ර සඳහන් නො කිරීම සම්බන්ධයෙන්
කොස්තාපල්වරයකුගේ පත්වීම අවලංගු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

වසරකට අධික කාලයක් පිලියන්දල පොලිසියේ සේවය කළ ආධුනික කොස්තාපල්වරයකුගේ පත්වීම මෙලෙස අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.

2021 වසරේ සැප්තැම්බර් මස පළමුවන දින පොලිස් සේවයට එක් වී මූලික පුහුණුව හැදෑරීමෙන් පසු පිළියන්දල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ යෙදී සිටිය දී අදාළ කොස්තාපල්වරයා මෙලෙස සේවයෙන් ඉවත්කර ඇති බව සඳහන්.

කුලී රැකියාවක නිරත අදාළ පොලිස් කොස්තාපල්වරයාගේ පියා 2017 වසරේ දී නිවසේ ඉදිකිරීම් කටයුත්තක් සඳහා වැලිගොඩ දැමීමේ වරදට හසලක පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී ඔහුට රුපියල් 10,000ක දඩයක් නියම කර තිබූ අතර, 2021 මාර්තු 02 වැනි දින බලපත්‍ර නොමැතිව බරවර්ධන ඔයේ මැණික් පතල් කැපීමේ වරදට එම පොලිසිය මඟින් ම අත්අඩංගුවට මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රුපියල් 5000ක දඩයක් ද නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කොස්තාපල්වරයාගේ බාප්පා 2021 වසරේ පෙබරවාරි 01 වන දින බරවර්ධන ඔයේ මැණික් පතල් කැපීමේ වරදට හසලක පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 5000ක දඩයක් නියමකර තිබෙනවා.

සිය පියාගේ සහ බාප්පා මෙලෙස අධිකරණය හමුවේ වැරදිකරුවන්ව දඩ නියම කර තිබීම හේතුවෙන් අදාළ පොලිස් කොස්තාපල්වරයාගේ පත්වීම මෙලෙස අවලංගු කිරීමට හේතු වී ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36