අධිකරණයට අපහාස කිරීම පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අධිකරණයට, විනිශ්ච අධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ වුණා.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම් 06ක් අද මුර්දු ප්‍රනාන්දු, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පූලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යි විභාගයට ගනු ලැබුවේ.

එහිදී පෙත්සමක් ඉදිරිපත් කර තිබූ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිශ්‍ය වේරගොඩ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ යෝජිත පනත් කෙටුම්පත තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 වන වගන්තිය අත් හිටුවීමක් සිදු වන බවයි.

එම නිසා අදාළ පනත් කෙටුම්පත ක්‍රියාත්මක කල නොහැකි බවත් ඔහු ප්‍රකාශ කළා.

මෙම පනත් කෙටුම්පත හරහා සාධාරණ විවේචන පවා අධිකරණයට සිදු කරනු ලබන අපහාසයක් වශයෙන් අර්ථ කථනය කර ඇති බවත් නීතිඥවරයා සඳහන් කර තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත ක්‍රියාත්මක වුවහොත් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත මෙන් අව භාවිතා කර පුද්ගලයින් පළිගැනීමට හෝ අපහසුතාවයකට පත් කිරීම යොදා ගැනීමට හැකියාව තිබෙන බවටයි ඔහු අනතුරු ඇඟවූයේ.

අධිකරණ ක්‍රියාවලියේ පවතින අඩුපාඩු පිළිබඳව වාර්තා කරනූ ලබන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට මෙම පනත් කෙටුම්පත තුළින් අවස්ථාව විවර කර දී ඇතැයි චෝදනා කළ නීතිඥවරයා මෙවැනි ක්‍රියා තුළින් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් පවත්වාගෙන යන්නේ කෙසේදැයි ප්‍රශ්න කරනු ලැබුවා.

අධිකරණයේ අනුදැනුමකින් තොරව අධිකරණය තුළ ඉලෙක්ට්‍රොනික උපකරණ යොදා ගනිමින් වාර්තාකරණ කටයුතු සිදු කිරීම පවා අධිකරණයට සිදු කරන අපහාසයක් ලෙස යෝජිත පනත් කෙටුම්පත මගින් අර්ථකථනය කර ඇතැයිද නීතිඥවරයා කියා සිටියා.

මෙම පනත් කෙටුම්පතේ සඳහන් ආකාරයට යම් පුද්ගලයෙකුට අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වූ විට සාධාරණ නඩු විභාගයක් ලබා ගැනීමට තිබෙන අයිතිය අහිමි කර ඇතැයි කියා සිටි නීතිඥවරයා පෙන්වා දුන්නේ එම චෝදනා විභාග කිරීම පක්ෂග්‍රාහී ආකාරයෙන් සිදු කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි.

යෝජිත පනත් කෙටුම්පත තුළින් ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට පැවරී ඇති බලතල කප්පාදු කිරීමක් සිදුකර ඇති බව කොළඹ නීතිඥ සංගමය සහ කථිකාචාර්යවරයෙකු වන විසාකේස චන්ද්‍රසේකරම් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළා.

සාධාරණ විවේචන පවා මෙම පනත් කෙටුම්පත යටතේ අධිකරණයට සිදු කරන අපහාසයන් ලෙස අර්ථකථනය කර ඇතැයි චෝදනා කළ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කියාසිටියේ මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ මූලික මිනිස් අයිතිය උල්ලංඝනය කිරීමක් සිදුකර ඇති බවයි.

එමෙන්ම අදාළ පනත් කෙටුම්පතේ ආයතනයන්ට සිදුකරන අපහාසයන් සම්බන්ධයෙන්ද වගන්ති ඇතුළත් කර ඇති බවත් එම ආයතන මොනවාද? යන්න නිසියාකාරව අර්ථකථනය කර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා කියාසිටියා

ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය හෙට දිනය දක්වා කල් තැබුණු අතර එහිදී නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා විසින් කරුණු ඉදිරිපත් කිරීමට නියමිතයි.

අදාළ පෙත්සම්වලින් සඳහන් කර තිබෙන්නේ එහි අන්තර්ගත ඇතැම් විධිවිධාන වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි.

එබැවින් ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්වලින් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56