spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අධිකරණයට අපහාස කළැයි කී නීතිඥවරයාගේ ඇප ඉල්ලීම සලකා බැලීමට දින දෙයි

අධිකරණයට අපහාස කළේ යැයි මේ වන විට නීතිඥ භාවය අත්හිටුවා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන සුසිල් ප්‍රියන්ත ජයතුංගගේ ඇප ඉල්ලීම මැයි මස 05 වනදා සලකා බලන බව ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

මෙම පැමිණිල්ල අද එස්.තුරෙයි රාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙංගප්පූලි යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී අදාල නීතිඥවරයා සඳහන් කළේ, තමාගේ සමේ රෝග තත්ත්වය උත්සන්න වී ඇති බවත් එම නිසා, තමන්ව ඇප මත මුදා හරින ලෙසයි.

එම අවස්ථාවේදී විනිසුරුවරු තුන්දෙනාම කියා සිටියේ තමන් මෙම නඩු විභාගයෙන් ඉවත්වන බවයි.

වග උත්තරකාර නීතිඥවරයාට අදාල මානසික වෛද්‍ය පරීක්ෂණය අඛණ්ඩව සිදු කරන ලෙස විනිසුරු මඩුල්ල විසින් ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයේ වෛද්‍යවරුන්ට නියම කළා.

ඉන් අනතුරුව මෙම පැමිණිල්ල ලබන 05 වනදා කැඳවන ලෙසත් නියෝග කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?