අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාවේ පස්වන සභාවාරය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල වත්මන් ප්‍රගතිය විමසා බලමින් ඒවායේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ප්‍රතිපත්ති සම්පාදනයට අවශ්‍ය කරුණු මෙහිදී සාකච්ඡා වූ තිබෙනවා.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා විසින් මේ දක්වා සිදු කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සංවර්ධන වැඩසටහන් පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් එහිදී ඉදිරි පත් කළ අතර එමඟින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රධාන කුලුණු පහ ආවරණය වන පරිදි පත් කර ඇති නව කමිටු පිළිබඳ තොරතුරු, මොඩියුල සම්පාදනය, ගුරු මාර්ගෝපදේශ සකස් කිරීම, ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඇතුළු පාසල්වල යටිතල පහසුකම් සහ ඩිජිටල් උපකරණ පහසුකම් සංවර්ධනය පිළිබඳව සංඛ්‍යා දත්ත ද ඉදිරිපත් කෙරුණා.

මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ පළමු ශ්‍රේණිය සඳහා ආරම්භ කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අධීක්ෂණය සඳහා සකස් කරන විධිමත් ක්‍රියාවලියට ගුරු උපදේශකවරුන් ද සම්බන්ධ කර ගත යුතු බවයි.

එමෙන් ම ඩිජිටල් කාර්යසාධක බලකායේ නිර්දේශයන්ට අනුව පාසල් තුළ තාක්ෂණික උපාංග සංවර්ධනයට අදාළ සැලසුම් ක්‍රියාත්මක කරන බවත්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉගැන්වීම් ක්‍රියාවලිය ඔස්සේ සිසුන්ගේ දැනුම හා කුසලතාවයන් වර්ධනය වීමේ මට්ටම මැන බැලීම නිශ්චිත මිනුම් ක්‍රමවේදයක් ඔස්සේ සිදු කළ යුතු බවත්, මොඩියුල සමාලෝචනය කිරීමේ ක්‍රියාවලියේදී ඒ ඒ විෂයන්ට අදාළව විශේෂීකරණය වූ දැනුමක් ඇති පාර්ශ්වයන්ගේ සහය ලබා ගැනීම තුළින් එම ක්‍රියාවලිය වඩාත් ඵලදායීව සිදු කර ගත හැකි වන බවත් අග්‍රාමාත්‍යවරිය කියා සිටියා.

තවද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ සිදුවන ඉගැන්වීම් රටාවේ වෙනස්කම් සහ එමඟින් සිසුන්ට අත්වන ප්‍රතිලාභ පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරියේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් පෙන්වා දී සිටියා.

මෙම රැස්වීම සඳහා අනුකාරක සභා මන්ත්‍රීවරුන් වන රෝහිණී කුමාරි විජේරත්න, ඥානමුත්තු ශ්‍රීනේෂන්, සුනිල් රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වූ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43