අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ගැන අගමැතිගෙන් ඉඟියක්

නියමිත පරිදි විභාග පවත්වා දරුවන්ට උසස් අධ්‍යාපන දොරටු විවෘත කිරීමට රජය කැපවන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

කොළඹ විශාකා විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

වසරකට පෙර උපාධිය ලබා ගැනීමට හැකි වන පරිදි අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට ද මේවන විට සාකච්ඡා ආරම්භ කර ඇති බව අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

විභාග කොමසාරිස් ජෙනරාල් එච්.ජේ.එම්.සී ජයසුන්දර, විද්‍යාලයේ විදුහල්පති මනෝමි සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා.

ජාතියට අභිමානයක් ගෙන දුන් විශාකා විද්‍යාලය දැයට දායා ද කළ මානව සම්පත පිළිබද ආඩම්බර විය යුතු බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා…

“බෞද්ධ කාන්තා විද්‍යාලය ලෙස ඇරඹි විශාකාව අප රට අධ්‍යාපන ක්ෂේත්‍රයට සුවිසල් ආදර්ශ දායාද එකතු කළා. පානදුර ජෙරමියස් දියෙස් මැතිනිය ඇරඹි මෙම අධ්‍යාපනික ගමන, හුදෙක් පාසලක් බිහි කිරීම සදහා පමණක් නොව අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනසකට පරිවර්තනය කළ හැකි කාන්තා පරම්පරාවකට මග පෙන්වන කේන්ද්‍ර අධ්‍යාපන උල්පතක් බවට පත්වුණා. ක්‍රමානුකූල සැලැස්මක් යටතේ එය අඛණ්ඩව පවත්වාගෙන යන්නට පුළුවන් වීම භාග්‍යයක්. මේ කාන්තා විද්‍යාලය පසු කාලයක තවත් සුවිශේෂ ක්ෂේත්‍ර කරා ගමන් කරන විද්‍යාලයක් බවට පත් වුණා.

දැනුම, සිප් සතර, පූර්ණ පුරවැසියකු බිහි කිරීමේ කර්තව්‍ය හා එහි බලපෑම නිසා විශාකාව ජාතික වශයෙන් බැබළෙන්නට පටන් ගත්තා. ලංකාවේ පාසල් අධ්‍යාපන පද්ධතියෙන් විශාකාවට සුවිශේෂී තැනක් අත්වන්නෙ මේ නිසයි. රට පුරාත්, විදේශ පුරාත් කතා කරන්නේ ඒ පණිවුඩයයි. විශාකාව අපේ ජාතියට මහා ආඩම්බරයක්.

පොල් අතු සෙවිලි කළ පාසල් ශාලා පනහ හැටේ දශකයේ මුලදීත් අපි දැක්කා. ඒ කිසිවක් විශාකාව ආපසු හරවන්නට සමත් වුනේ නැහැ. ක්ශේත්‍ර රාශියක වගකීම් භාරගන්නා පුරවැසියන් බිහි කළ තෝතැන්නක් බවට විශාකාව පත්වීම ආඩම්බරයක්. විශාකාව අධ්‍යාපනයේ මහා පෙරළියක කේන්ද්‍රස්ථානය වුනා.

විද්‍යා ක්ෂේත්‍රය මෙරට කාන්තා පරපුරට විවෘත වුණා. ඒ හරහා තවත් බොහෝ විද්‍යාලවල විද්‍යා විෂයය කාන්තාවන්ට විවෘත වුනා. දායාදයන් රාශියක් සමාජගත කළා සේම ගැඹුරින් රටක් ගොඩ නැගීමේ කාර්යයට විසාකා විද්‍යාලය එක් වුනා.
විද්‍යාලයකින් පිටව විශ්ව දැනුමට අවතීර්ණ වන කේන්ද්‍රස්ථානය වෙන විශ්වවිද්‍යාලයට අපි ගමන් කරන්නේ ලොව දැනුම හා එක්වෙමින් සුවිශේෂ දායාදයන් රටකට එක්කිරීමටයි. විද්‍යාලයක් හා විශ්වවිද්‍යාල ක් අතර වෙනස ඇති වෙන්නේ ඒ නිසයි.
ඔබ ශිෂ්‍යයාවන් ලෙස, අසීරු කාලයක් පසු කළා. පසුගිය කාලයේ රට ඉතා අසීරු කාලයකට මුහුණ දුන්නා. අපි දැන් යළි හිස ඔසවන රටක්. දැඩි කැපවීම දැනුම ලබාදීමේ ක්ෂේත්‍ර වඩ වඩා පුළුල් කිරීම නව ක්සේත්‍ර බිහිවෙලා තිබෙනවා. විවිධ ක්ෂේත්‍ර වලට අවතීර්ණ වී රටට සේවය කළ හැකියි.

අපි කවුරුත් වගේම, දෙමව්පියෝ, පාසල් යන දරුවෝ ප්‍රාර්ථනා කරන්නේ නිසි කලට විභාග පවත්වලා,වෙලාවට ප්‍රතිඵල ලැබිලා, නිසි කලට උසස් අධ්‍යාපනයට යන්න දොරටු විවෘත වීමයි. මේ කාලසටහන අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටිනවා. එය අත්‍යවශ්‍යයි.

අධ්‍යයන කාලයෙන් වසරක් අඩුකර ගැනීමට සාකච්ඡා පැවැත්වෙමින් තිබෙනවා. එය කළ හැකි වුණොත් අපේ දරුවෝ වසරකට පෙර උපාධිය කරා ගමන් කරනවා. එපමණක් නොව, විවිධ ක්ෂේත්‍රවලට ගමන් කරන්න හැකි වෙනවා. ඒ අභියෝගය අපි ජයග්‍රහණය කළ යුතුමයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18