AFC Banner
AFC Banner
Empty Ad

අද සිට විදුලි කැපිල්ලක් නෑ – විදුලිබල අමාත්‍යාංශය

අද (14) දින සිට ඉදිරියේ දී කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරනවා.

එම අමාත්‍යාංශය නිවේදනය කළේ අක්‍රීය තත්ත්වයට පත් වූ නොරොච්චෝලේ විදුලි ජනන යන්ත්‍ර ත්‍රිත්ත්වයම මේ වනවිට කඩිනමින් පිළිසකර කෙරෙමින් ඇති බවයි.

අද දිනයේ දී නොරොච්චෝලේ බලාගාරය ද යළිත් ජාතික විදුලි බල පද්ධතියට එක් කළ හැකි වනු ඇති බවට ද පසුගියදා විදුලිබල අමාත්‍යාංශය නිවේදනය කළා.

පසුගිය ඉරිදා දිනයේ දී දිවයින පුරා හදිසි විදුලි බිඳ වැටීමක් සිදු වූ අතර එය විදුලි සැපයුම් පද්ධතියේ සිදු වූ අසමතුලිතාව මත සිදු වූ බවයි වාර්තා වූයේ.

ඒ අනුව ඊට පසුවදා සිට දිවයින පුරා පැය එකහමාරක පමණ කාලයක් විදුලිය කප්පාදු කිරීම සිදු වුණේ පස්වරු 3.30ත් රාත්‍රී 9.30ත් අතර කාලයේදියි.

ඉන් අනතුරුව නවම් පුර පසළොස්වක පොහෝ දිනයේ දී විදුලි කප්පාදුවක් සිදු නොවූ අතර ඊයේ (13) දිනයේ දී කලාප 20ක් යටතේ කාණ්ඩ 04ක් තුළ පැයක පමණ කාලයක් පස්වරු 05 සිට රාත්‍රී 9.30 තෙක් විදුලි විසන්ධි වීම් සිදු කළා.

කෙසේ නමුත් තොරතුරු වාර්තා වන පරිදි අද සිට ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?