අද රෑ ඉඳන් කොළඹ හතේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ

පුද්ගලික ආයතනයක් විසින් කුරුඳුවත්ත පොලිස් වසමේ ආනන්ද කුමාරස්වාමි මාවතේ ග්‍රීන් පාත් පරිශ්‍රයේ කලාපොල 2026 නමින් ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවත්, එහිදී ඇතිවිය හැකි මාර්ග අවහිරතාවය මග හරවා ගැනීම සඳහා මහජනතාව දැනුවත් කරන ලෙසටත් පොලිසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එම වැඩසටහන පැවැත්වෙන අද (06) දින රාත්‍රි 10.00 සිට ලබන 09 වැනිදා අළුයම 04.00 දක්වා කාලය තුල කුරුඳුවත්ත පොලිස් වසමේ ආනන්ද කුමාරස්වාමි මාවතේ පුස්තකාල වටරවුම සිට හෝර්ටන් වටරවුම දක්වා (විහාරමහා දේවී උද්‍යානයට සමාන්තරව ඇති මාර්ගය) එක් මංතීරුවක පමණක් කොළඹට ඇතුල් වීමට සහ කොළඹින් පිට වීමට හැකි වන පරිදි රථවාහන කේතු යොදා වෙන් කිරීමට කටයුතු කරන බව පොලිසිය දන්වා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
2
+1
10
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?