spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද දිනයේ ලංගම සහ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි

අද (28) දිනය තුළ ලංකා ගමනා ගමන මණ්ඩලය සාමාන්‍ය පරිදි බස්රථ ධාවනය සිදුකරන බව එහි සභාපති කිංස්ලි රණවක පවසනවා.

මේ අතර අද දිනය තුළ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය ද සිදුකරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සාමාන්‍ය දුම්රිය කාලසටහනට අනුව දුම්රිය ධාවන කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර ලංගම ඩිපෝ හරහා පෞද්ගලික බස් රථ සඳහා අඛණ්ඩව ඉන්ධන ලබාදීමට කටයුතු සිදු කෙරෙනවා.

කෙසේ වෙතත් පෞද්ගලික බස් සංගම් සඳහන් කළේ බස් ධාවන කටයුතු තවදුරටත් සීමා වී ඇති බවයි.

මේ අතර බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අද (28) දිනයේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?