Breaking News: අද දහවල් 1 සිට ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ

අද දහවල් 1 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ඒ අනුව යතුරු පැදි සඳහා රුපියල් 1000කටත්, ත්‍රිරෝද රථ සඳහා රුපියල් 1500කටත් පමණක් ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරෙනු ඇති.

මීට අමතරව මෝටර් රථ,වෑන් සහ ජීප් රථ සඳහා පෙට්‍රල් හා ඩීසල් යන ඉන්ධන දෙවර්ගයම නිකුත් කිරීම රුපියල් 5000කට සීමා කිරීමට නියමිතය.

බස් හා ලොරි රථ සහ වාණිජ කටයුතු සඳහා යොදාගැනෙන ට්‍රැක්ටර් රථ ඇතුළු වාහනවලට මෙම සීමාව අදාළ නොවන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?