spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද දවසේ රටේම අහස අඳුරු වෙන්න හේතුව ගැන ඔබ දැනුවත් ද ?

අද (08) පෙරවරුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක වාතයේ ගුණාත්මක භාවය අතිශය සෞඛ්‍ය සම්පන්න නොවන මට්ටම් කරා ළඟා වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.

ඒ, අනුව කොළඹ සහ මන්නාරම මෙලෙස වායු තත්ත්ව දර්ශකයේ අනතුරුදායක මට්ටමට පැමිණ ඇති බවයි එම සංවිධානය සඳහන් කරන්නේ.

එමෙන්ම යාපනය, මුලතිව්, කෑගල්ල සහ දඹුල්ල යන ප්‍රදේශවල වාතයේ ගුණාත්මක භාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමකට පැමිණ ඇති බවත් දැනුම් දෙනවා.

සුළං සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉන්දියානු අර්ධද්වීපයේ ඇති දූවිලි අංශු මෙරටට ගලාඒම හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වීමට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නිවේදනය පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
44
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?