අද උදෑසන දික්ඕවිට වරායට රැගෙන ආ ධීවර යාත්‍රාවේ හෙරොයින්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙරටට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ, සිදුකළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සහ එහි සිටි සැකකරුවන් 4දෙනෙක් ඊයේ (16) දිනයේදී සිය භාරයට ගනු ලැබුවා.

මේ වන විට එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් පිරිස දික්ඕවිට ධීවර වරායට රැගෙන විත් තිබෙනවා.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසන පරිදි එම බහුදින ධිවර යාත්‍රාවේ තිබූ උර තොගයේ හෙරොයින් මත්ද්‍රව්‍ය ඇති බවට අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්