අදත් ශ්‍රී ලංකා මැදපෙළේ කඩා වැටීමක් – ඉන්දියාවට පහසු ඉලක්කයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග දෙවන විස්සයි විස්ස තරගය අද (28) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.

කණ්ඩායමේ දෙකම අද තරගයට එක් වුනේ එක් වෙනස්කම් ද සමගින්.

ඒ, අනුව ඉන්දීය කණ්ඩායමට සංජු සැම්සන් කැදවා තිබුණේ ශුබ්මන් ගිල් වෙනුවටයි.

ඩිල්ශාන් මදුසංක වෙනුවට රමේෂ් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමට කැදවා තිබුණා.

වර්ෂාව හේතුවෙන් තරගය විනාඩි 40ක් පමණ ප්‍රමාද වී ආරම්භ වූ අතර, මෙම තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ඉන්දීය නායක සූර්යකුමාර් යාදෙව්ට හැකියාව ලැබුණා.

ඒ, අනුව පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරධනා කළා.

එම ආරාධනයෙන් පළමුව ලකුණු රැස්කිරීම ආරම්භ කළ ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 161ක් රැස්කර ගනිමින් සිය ඉනිම අවසන් කළා.

මෙහිදී ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම වූ කුසල් පෙරේරා ලකුණු 53ක් රැස් කළ අතර, ඔහු අද වාර්තා කළේ සිය 14 වන ජාත්‍යන්තර විස්සයි විස්ස අර්ධ ශතකයයි.

ආරම්භ පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 32ක් සහ කමිදු මෙන්ඩිස් ලකුණු 26ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් කළා.

දසුන් ශානක අද තරගයේදීත් ලකුණු නොලබා දැවී ගිය අතර, ඔහුගේ දැවීයාමෙන් පසු පිටියට පැමිණි වනිදු හසරංග ද පැමිණි සැනින් ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට රවී බිශ්නෝයි සමත් වුණා.

පන්දු යැවීමේ දී රවී බිශ්නෝයි කඩුලු 03ක්, හර්දික් පාන්ඩයා කඩුලු 02ක් සහ අර්ෂදීප් සිං කඩුලු 02ක් බිඳ දැමුවා.

ඒ, අනුව මෙම තරගය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ලකුණු 162ක ඉලක්කයක් හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12