අතුරු තහනමක් ඉල්ලා ගොනු කළ පෙත්සම ඉවතට, පෙන්ටාරා මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් අබණ්ඩව

කොළඹ, තුම්මුල්ල හන්දියේ ඉදිවන පෙන්ටාරා රෙසිඩන්සිස් (Pentara Residencies) මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතියට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් 2025 දෙසැම්බර් 11 දිනැති නියෝගය මගින් නිශ්ප්‍රභා කිරිමට බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණය කටයුතු කර තිබෙනවා.

අතුරු නියෝග සදහා වන ඉල්ලීම් ගාස්තු සහිතව ප්‍රතික්ෂේප කරමින් බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණය තීන්දු කළේ, මීට පෙර කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝග සදහා කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරිම හා අතුරු තහනම් නියෝගය සදහා වන ඉල්ලීම්වල දී දෙපාර්ශවයේම කරුණු දැක්වීම් සලකා බැලීමට කරන ලද තීරණය ද යුක්ති සහගත වන බවයි.

ඉල්ලන ලද සහනයන් ලබාදීම ප්‍රතික්ෂේප කරමින් බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණය තවදුරටත් අවධාරණය කරන ලද්දේ පෙත්සම්කාර පාර්ශවයන්ගේ මෙම නඩු සැලසුම් සහගත ලෙස ” ප්‍රමාදය සාධාරණත්වය පරාජය කරයි” යන සාධාරණාත්මක ප්‍රකාශය අදාල වීම වැලැක්වීමට තැත්කර ඇති බව ද පෙනී යන බවයි.

මෙහිදී වග උත්තරකාර හෝම් ලෑන්ඩ්ස් සමාගම අදාල සියලු අනුමැතීන් නීත්‍යානුකූලව ලබා ගැනීමෙන් අනතුරුව සිය ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර මාස කිහිපයක කාලයක් ගත වී ඇති බව ද අධිකරණය සඳහන් කළා.

ඉදිකිරීම් කටයුතු මගින් ඇතිවන අධික ශබ්දය, කම්පනය සහ දුවිල්ල හේතුවෙන් තමන් අපහසුතාවයට පත්වන බව සඳහන් කරමින් අවට පදිංචිකරුවන් පිරිසක් විසින් ඉදිකිරීම් කටයුතු වැලැක්වීමේ හෝර්ලෑන්ඩ් සමාගමට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ දිසා අධිකරණය වෙත පළමුව පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ වෙතත් කොළඹ දිසා අධිකරණය විසින් එවන් වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ශේප කරමින් සඳහන් කලේ අදාල ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කොට මාස කිහිපයක් තිබියදී වාරණ නියෝගයක් ලබාදීමට ඇති හදිසි අවශ්‍යතාවය පිළිබඳව අධිකරණය සෑහීමකට පත් නොවන බවයි.

නඩුව පවත්වා ගෙන යාම හා අතුරු ඉන්ජන්ෂන් තහනම් නියෝගයක් ලබා දීම ප්‍රතික්ෂේප කරමින් සිවිල් අභියාචන මහාධිකරණය සඳහන් කළේ පැමිණිල්ල විසින් මතු කරන කරුණු අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO), මධ්‍යම පරිසර අධිකාරිය (CEA) සහ කාර්මික තාක්ෂණ ආයතනයේ විද්‍යුත් තාක්ෂණ විද්‍යාගාරය යන වෙනමම රාජ්‍ය ආයතන 3ක් මගින් ද පැමිණිලිකරුවන්ගේ පැමිණිලි කිරීම් පරීක්ෂාවට සහ විමර්ශනයට ලක් කර ඇති බවයි.

පෙන්ටාරා මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් භූමිය අවට පදිංචිකරුවන් වන ආචාය රධීකා රන්මලී අබේවීර, දුලානි ප්‍රියන්තා, ගුණසේකර සිරිවර්ධන, සොහාන් මාරියෝ ඇන්තනී තිළිණ ප්‍රනාන්දු, වන්නි ආරච්චි අප්පුහාමිලාගේ චින්තක ජිනදාස විජේවික්‍රම, අඟුළුගහ ගමගේ ඉමේෂා අනුදිනී වික්‍රමපාල, වික්‍රමපාල චිත්‍රාංගනී, ලක්ෂ්මන් බාලසූරිය, ජැනින් වම්පිකා දිල්රුක්ෂි බාලසූරිය සහ නිකමල් මිලින්ද වීරසූරිය යන පැමිණිලිකරුවන් විසින් කොළඹ දිසා අධිකරණයේ වෙන වෙනම නඩු 12 ක් ගොනු කර තිබුණා.

පැමිණිලිකරුවන් විසින් සඳහන් කර තිබුණේ පෙන්ටාරා හි ඉදිකිරීම් කටයුතු සඳහා භූමිය කැණීම කටයුතු සහ බර යන්ත්‍රෝපකරණ භාවිතයෙන් ඇතිවන අධික ශබ්දය, කම්පනය සහ දුවිල්ල හේතුවෙන් ඔවුන්ට සෞඛ්‍ය ගැටළු මතුව ඇති බැවින් ඔවුන්ගේ නිවෙස් තුළ නිදහසේ ජීවත් වීම කෙරෙහි බාධා මතුව ඇති බවයි.

එම පදනම මත, ඉදිරි පියවර ගනු ලබන තෙක් තාවකාලික හදිසි සහනයක් ලෙස සලකා ඉදිකිරීම් කටයුතු වහාම නතර කරන ලෙස පැමිණිලිකරුවන් නියෝගය ඉල්ලා සිටිනු ලැබුවා.

මුල් අවස්ථාවේදීම එම නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ කොළඹ දිසා අධිකරණය අනතුරුව අතුරු ඉන්ජන්ෂන් තහනම සදහා සලකා බැලීමේදී සිදු කරන ලෙස නියෝග කරනු ලැබුවා.

ඉන් අනතුරුව ඉහත පදිංචිකරුවන් විසින් බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කළා.

බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණය කොළඹ දිසා අධිකරණය විසින් ලබාදෙන ලද පැහැදිලි කිරිම පිළිගනිමින් කොළඹ දිසා අධිකරණය ලබා දුන් නියෝගය ප්‍රතික්ෂේප කිරීමට තරම් හේතුවක් නොමැති බව නිගමනය කළ අතර සිවිල් අභියාචන මහාධිකරණය එම පෙත්සම් 12ම ඉවතදමමින් විත්තිකරුවන්ට අදාල නඩු ගාස්තු ගෙවීමට ද නියම කරනු ලැබුවා.

හෝම් ලෑන්ඩ්ස් සමූහයේ විසින් කොළඹ තුම්මුල්ලේ ඉදි කරන කුළුණු දෙකකින් යුත් මහල් 40කින් සමන්විත මෙම නවතම පෙන්ටාරා මහල් නිවාස ව්‍යාපෘතිය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) පූර්ණ අනුමැතිය ලත් ව්‍යාපෘතියක් වන අතර, දේශීය තනි දේපළ වෙළඳාම් සමාගමක් විසින් සිදු කරන සුවිශාලතම ආයෝජනය සනිටුහන් කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 100ත් 110ත් අතර ආයෝජනයක් (ශ්‍රී ලංකා රුපියල් බිලියන 30ත් 35ත් අතර) සහිත ව්‍යාපෘතියක් වනවා.

හැටන් නැෂනල් බැංකුව ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය භූමිය මිලදී ගැනීම සඳහා වන සුවිශාල මූල්‍ය පහසුකම සපයන ලැබුවා.

එමගින් හෝම් ලෑන්ඩ්ස් සමූහය රුපියල් බිලියන 4.5ක මුදලක් වැය කරමින් කොළඹ නගර මධ්‍යයේ තුම්මුල්ල හන්දියෙන් අක්කරයකට ආසන්න භූමියක් ව්‍යාපෘතිය වෙනුවෙන් මිල දී ගත් අතර එය ඉතිහාසයේ විශාලතම කොළඹ නගරයේ ඉඩම් ගනුදෙනුව බවට ද පත් වුණා.

පෙන්ටාරා මහල් නිවාස සංකීර්ණය නිල වශයෙන් මෙම වසරේදී එළිදැක්වුණු අතර එහි ඉදිකිරීම් කටයුතු ද ඒ හා සමගාමීව ම ආරම්භ වූයේ නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) සංවර්ධන බලපත්‍රය ද හිමි කර ගනිමින්.

මෙම සුවිසල් ව්‍යාපෘතිය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) අනුමැතිය, පරිසර කටයුතු පිළිබඳ සභාවේ (ECC) පාරිසරික අනුමැතිය ද සමගින් අවශ්‍ය සියලුම පාරිසරික හා ආයතනික අනුමැතින් හිමි කරගත් අතර සම්පුර්ණයෙන්ම අනුමැතීන්ට අනුකුලව හා සැලසුම්ගත ලෙස කොළඹ ඉදිවන සුවිශේෂී ද්විත්ව කුළුණු ආකෘතියෙන් යුත් මහල් හතළිහකින් සමන්විත සුඛෝපභෝගිතම මහල් නිවාස ව්‍යාපෘතිය ලෙස ඉදිවෙමින් තිබෙනවා.

ජනාධිපති නීතීඥ අලි සබ්‍රි, ජනාධිපති නීතීඥ කුෂාන් ද අල්විස්, ජනාධිපති නීතීඥ එරාජ් ද සිල්වා යන මහත්වරුන් ශානක කුරේ, රජීව් විජේසිංහ, නාමික් නෆාත්, ශමිත් ප්‍රනාන්දු, අකලංක උක්වත්ත, දමින්ද විජයරත්න සහ සංජන මා පටුන යන නීතිඥවරුන් සුදත් පෙරේරා ඇසෝසියේට්ස් නීතිඥ සමාගමේ මෙහෙයවීම යටතේ විත්තිකාර වග උත්තරකරු වන හෝම් ලෑන්ඩ්ස් සමාගම වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

ජනාධිපති නීතීඥ කුවේර ද සොයිසා මහතා සහ නීතීඥවරුන් වන ඉෂාන් අලවතුරගේ සහ හශුල යාපා යන මහත්වරුන් මෙහි දී පැමිණිලිකාර පෙත්සම්කරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියා. See less

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
8
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිවෙකුට අපිව පරාජය කරන්න බැහැ..පිටින් වගේම අභ්‍යන්තරයෙත් අපිට අභියෝග තියෙනවා
10:18
Video thumbnail
කළුතරදී යකා නටපු පුද්ගලයෙක්ට වැඩ වරදියි
00:58
Video thumbnail
ජාතික පරිසර පනත ගැන සජිත්ගෙන් ප්‍රබල ප්‍රකාශයක් - පාරිභෝගිකයට බෑනේ නිෂ්පාදනකරුවට බලපෑම් කරන්න
03:54
Video thumbnail
දොර කාගෙහරි වාහනයක වැදෙනකන් දන්නේ නෑනේ - රියදුරෙක් මීට වඩා අවධානයෙන් ඉන්න ඕනි
01:43
Video thumbnail
එදා බලයේ හිටපු අය යට ගැසූ බොහෝදේ දැන් එළිවෙමින් පවතිනවා - කදිනල් හිමි කළ හෙළිදරව්ව
08:09
Video thumbnail
හිටපු පාලකයන්ට කාදිනල් හිමිගෙන් සැර කතාවක් - පාස්කුවේ තිබුණ සාක්ෂිත් විකෘති කරපු එක කළේ
05:55
Video thumbnail
නිෂ්පාදනය රටේ Brand එකක් විදියට ඉස්සරහට යනකල් දියුණුවක් වෙන්නේ නෑ
03:11
Video thumbnail
වෙනස්වීම්වලට මුහුණ දෙන්න ක්‍රමයක් රටේ නෑ - අපේ ක්‍රමයන්වලින් ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඕනි
02:19
Video thumbnail
උහුලන්න බැරි තරමට රජයන් IMF සහයෝගයෙන් බදු අය කරනවා..ඇදගෙන යන්න තරම් සංකල්ප නෑ
04:32
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන මහජනතාව විශේෂ දැනුවත් කිරීමක් - ජලය කළමණාකරනය කළොත් මේකට මුහුණදෙන්න පුළුවන්
09:46