AFC Banner
Empty Ad
Empty Ad

අතුරුදන් වූ සබ්මැරීනය ගැන ටයිටැනික් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාගෙන් ප්‍රකාශයක්

Titanic නෞකාව සොයා ගිය Titan සබ්මැරීනය පිළිබඳ ජනප්‍රිය Titanic චිත්‍රපටයේ අධ්‍යක්ෂ ජේම්ස් කැමරන් මාධ්‍ය හමුවේ සිය අදහස් පළ කර තිබෙනවා.

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගොස් සබ්මැරීනයක් අනතුරට ලක්වීම ඉතා කණගාටුදායක අහිමි වීමක් ලෙසට තමාට දැනෙන බවයි සුප්‍රකට ටයිටැනික් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා පවසන්නේ.

1997 වසරේ තිරගත වූ ටයිටැනික් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ ජේම්ස් කැමරන් මේ වන විට ටයිටැනික් නෞකාවේ සුන්බුන් වෙත කිමිදුම් වාර 33ක් සම්පූර්ණ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

මෙම සබ්මැරීනය අතුරුදහන් වන අවස්ථාව වන විට තමා නෞකාවක සිටි අතර සඳුදා වන තෙක් ඒ සම්බන්ධයෙන් තොරතුරක් නොලැබුණු බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

මෙහි සන්නිවේදන සම්බන්ධතා විසන්ධි වී ඇති බවට තොරතුරු වාර්තා වීමෙන් පසු කිසියම් ව්‍යසනයක් සිදු වී ඇති බවට සැක කරන බවයි ඔහු කියාසිටියේ.

අතුරුදන්වීම පිළිබඳ තොරතුරු ලැබුණු වහාම මතකයට නැඟුණු පළමු දෙය පිපිරීමක් බව ඔහු සඳහන් කර තිබෙනවා.

ටයිටන් සබ්මැරීනය සහ එහි කාර්ය මණ්ඩලය අහිමි වීම තුළ භයානක උත්ප්‍රාසයක් ඇති බව යෝජනා කැමරන් පෙන්වා දෙන්නේ එය 1912 දී ටයිටැනික් නැව අහිමි වීම හා සමාන බවයි.

මෙම සබ්මැරීනය තවමත් පරීක්ෂණ මට්ටමේ පැවතීම හේතුවෙන් මගීන් රැගෙන යාම සිදු නොකරන ලෙසට OceanGate ආයතනයට ලිපි ලැබී ඇති බව ඔහු හෙළි කළා.

මෙලෙසම Titanic නෞකාවට ඉදිරියෙන් ඇති අයිස් කුට්ටි පිළිබඳව අනතුරු සංඥා නිකුත් කළ නමුත් කපිතාන්වරයා එය නොතකා වේගයෙන් නෞකාව පදවා තිබීම හේතුවෙනුයි එය අනතුරට ලක්ව තිබුණේ.

මෙම අනතුරු දෙකෙන්ම සිදු වුයේ එහි ගමන් කළ පිරිස මියයාම බවයි අධ්‍යක්ෂවරයා මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මෙම සිදුවීම් දෙකම පුදුම සහගත ඛේදවාචක දෙකක් බවයි.

සබ්මැරීනයේ ගමන් කළ පිරිස අතර හමිෂ් හාර්ඩින් (58), ෂාසාදා ඩාවුඩ් (48) සහ ඔහුගේ පුත් සුලේමන් ඩාවුඩ් (19), පෝල්-හෙන්රි නර්ජෝලට් (77) සහ ස්ටොක්ටන් රෂ් (61) වනවා.

ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අනතුර පිළිබඳ ශෝකය ප්‍රකාශ කර ඇති අතර ගවේෂණ ප්‍රයත්නයන්ට උපහාර පුද කර තිබෙනවා.

රොබෝ කිමිදුම් යන්ත්‍රයක් බ්‍රහස්පතින්දා ටයිටැනික් නැව මුහුදුබත් වූ ස්ථානයේ සිට අඩි 1,600 (මීටර් 480) පමණ මුහුදු පත්ලේ තිබී සබ්මැරීනයේ බවට සැක කෙරෙන කොටස් සොයා ගනු ලැබුවා.

ඉරිදා ටයිටන් නෞකාවේ සම්බන්ධතා විසන්ධි වී ටික වේලාවකට පසු එක්සත් ජනපද නාවික හමුදාව විසින් පිපිරීමක් බවට සැක කෙරෙන ශබ්දයක් හඳුනාගෙන ඇති බව ද අනාවරණය වී තිබෙනවා.

ටයිටැනික් ආසන්නයටම ගොස් ඇති ඔවුන්ගේ සබ්මර්සිබලය අධික පීඩනය නිසා ඇතුළට පුපුරා යන්න ඇතැයි සැක කරන ඇමරිකානු සමුද්‍ර ආරක්ෂක බලකාය සඳහන් කළේ තත්පරයකින් මිලි දශමයකටත් වඩා අඩු කාලයකින් ඔවුන් මිය යන්නට ඇති බවයි.

එබැවින් ඔවුන් මිය යන බවට වන අත්දැකීම හෝ ඔවුන්ට නොදැනෙන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

සබ්මැරීනය අතුරුදන් වූ සාගර ප්‍රදේශයේ වර්ග කිලෝමීටර් 20,000කට වැඩි ප්‍රදේශයක් පුරා විහිදුණු දින පහක සෝදිසි මෙහෙයුමකදී යි මෙම සොයාගැනීම සිදු වුයේ.

සෝදිසි මෙහෙයුමට නායකත්වය දුන් එක්සත් ජනපද වෙරළාරක්ෂක බළකායේ බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ මියගිය පස්දෙනාගේ සිරුරු හෝ කොටස් සොයා ගැනීමට සහ ගොඩ ගැනීමට හැකි වේද යන්න තහවුරු කිරීමට නොහැකි බවයි.

යාත්‍රා කිහිපයක්, වෛද්‍ය නිලධාරීන් සහ කාර්මික ශිල්පීන් සමඟ කණ්ඩායම් රැසක් සුන්බුන් හමුවූ ප්‍රදේශයේ අඛණ්ඩව විමර්ශනය කරන බව ද වෙරළාරක්ෂක බලකාය ප්‍රකාශ කළා.

සබ්මැරිනයට ඇත්ත වශයෙන්ම සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව සොයන පරීක්ෂණයක් වෙත අවධානය යොමු වී ඇති අතර පිපිරීමක් යානයේ සිටි අයගේ මරණයට හේතු වූ බව නිශ්චිතවම තහවුරු කළ හැකි ද සහ එසේ නම්, එය සිදු වූයේ කවදාද සහ ඇයිද යන්න එම විමර්ශනයේදී අවධානය යොමු කෙරෙනු ඇති.

මේ අතර සබ්මැරීනය අයත් OceanGate හි සම-නිර්මාතෘවරයෙකු වන Guillermo Söhnlein, ආරක්ෂාව සම්බන්ධයෙන් සමාගමට එල්ල කරන ලද විවේචන ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
3
+1
30
+1
6
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?