මහා පරිමාණ මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි අද (27) පෙරවරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවා.
පසුගිය දා ඇයට ලබාදුන් ඇප කොන්දේසි සඳහා අත්සන් ලබාදීමට මෙලෙස ඇය බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය වෙත රැගෙනවිත් තිබුණා.
අනතුරුව ඇය යළිත් බන්ධනාගාරය වෙත රැගෙන ගිය බවයි වාර්තා වන්නේ.

















