අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු වෙයි

ලංකා සතොස විසින් තවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

අද සිට නව මිල ගණන් ක්‍රියාත්මක වන අතර දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට ලබාගත හැකි බවයි දැනුම් දෙන්නේ.

මේ අනුව අර්තාපල් කිලෝවක් රුපියල් 20කින් මිල අඩු කර ඇති අතර නව මිල රුපියල් 375ක් වනවා.

ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 10කින් අඩු කිරීමට සතොස පියවර ගෙන ඇති අතර නව මිල රුපියල් 149ක්.

ආනයනික සම්බා කිලෝවක නව මිල රුපියල් 198ක් වන අතර මිල අඩු කර ඇත්තේ රුපියල් 7කින්.

රතු පරිප්පු කිලෝවක මිල ද රුපියල් 7කින් අඩු කර තිබෙනවා. ඒ අනුව රතු පරිප්පු කිලෝවක් සතොස මගින් රුපියල් 358කට මිලදී ගත හැකියි.

දේශීය රතු කැකුළු කිලෝවක් රුපියල් 5කින් මිල අඩු කර ඇති අතර නව මිල රුපියල් 164ක්. ආනයනික සුදු කැකුළු සහල් කිලෝවක මිල ද රුපියල් 5කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 179ක් වනවා.

Sathosa Foods scaled