අත්අඩංගුවට ගත් හිටපු ජනපති රනිල් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට – පාක්ෂිකයින් රැසක් අධිකරණය අසළට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (22) පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව තොරතුරු වාර්තා වනවා.

මේ වනවිට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසලට එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් ඇතුළු නායකයින් පැමිණෙමින් සිටින බවයි ‘දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද කොටුව මහේස්ත්‍රාත් අධිකරණ අසලට පැමිණි සිටින පිරිසක අතර වන බවයි වාර්තා වුණේ.