අතරමං වූ දරුවා මුලතිව් රක්ෂිතයේ කිලෝමීටර් 15ක් දුර ගිහින්

කැලයක අතරමංව සිටි පිරිමි දරුවෙක් දිනකට පසු සොයාගැනීමට පොලිසිය සහ හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමක දී හැකිව තිබෙනවා.

මුලතිව් රක්ෂිතයේ අතරමංව සිටි මොහු වැලිඔය ජනකපුර, ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි වියේ පස්වන දරුවෙක් බව සඳහන්.

මෙම දරුවා පසුගිය 12 වනදා කිසියම් කටයුත්තක් වෙනුවෙන් ජනකපුර ප්‍රදේශයෙන් කැලෑවට ගොස් නැවත නො පැමිණීමත් සමඟ ඔහුගේ දෙමාපියන් විසින් ඒ බව වැලිඔය පොලිසියට දැනුම් දී තිබෙනවා.

පසුව ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව වැලිඔය පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන් එක්ව අතුරුදන් වූ දරුවා සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කළ බවයි දැනගන්නට ලැබුණේ.

ජනකපුර ප්‍රදේශයෙන් කැලෑවට ඇතුළු වූ මෙම දරුවා කිලෝ මීටර් 15ක් පමණ දුරින් මුලතිව් රක්ෂිතයේ කටු පඳුරක වැටී සිටියදී සොයා ගැනීමටයි හැකිව ඇත්තේ.

අධික වර්ෂාව සහ කුසගින්න හේතුවෙන් දරුවා සොයාගන්නා අවස්ථාවේ දී දැඩිලෙස දුර්වල වී සිට තිබෙනවා.

මෙලෙස හමුවූ දරුවා පසුව ප්‍රතිකාර සඳහා යොමුකර ඇති අතර, මේ වනවිට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජයට බොහෝම ස්තූතියි - ගොවියට සාධාරණ මිලක් දීලා තියෙන්නේ
02:28
Video thumbnail
වසර 15කට පෙර කළ ඝා#නයකට දෙදෙනෙකුට ම#ණ දඬුවම් නියමකරයි
00:52
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ් - බෑග් එකත් අරගෙන නිල් පාට බස් එකේ ගිය හැටි
02:50
Video thumbnail
ආණ්ඩුව ගොවීන්ව අමතක කරලා හිතුවක්කාර පාලනයක් කරනවා
06:57
Video thumbnail
බීඩි ගහගෙන හිටපු එවුන්ට බලය දුන්නා - මුන් දැන් නාඩගම් නටනවා
02:27
Video thumbnail
සේවක අර්ථසාධක, භාරකාර අරමුදලේ ඇත්ත නැත්ත නි. ඇමති හෙළිකරයි - වැරදි අවබෝධයක් තියෙන්නේ
12:10
Video thumbnail
මුළු ගමටම ඩෙංගු හැදිලා තියෙද්දීත් වගකීමක් නැතුව වැඩ කරනවා
04:20
Video thumbnail
අත්භූත සරමක් ගමක් කළඹයි - කාන්තාවකගේ නිදි යහනට පැනලා සරම දාලා දුවයි
01:07
Video thumbnail
ඉතා ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ හැකියාව ප්‍රබල මට්ටමක - ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවකුත්
06:47
Video thumbnail
නිවාස අඩස්සිය දේශපාලඥයින්ට අදාළ වෙන්නේ නෑ
03:54