අණ නොතැකූ ලොරි රථයකට පොලීසියෙන් වෙඩි

අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට කනංකේ දොලේලියද්ද ප්‍රදේශයේදී පොලීසිය විසින් වෙඩි තබා තිබෙනවා.

පොලීසිය විසින් මෙලෙස වෙඩි තබා ඇත්තේ නීතිවිරෝධීව ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයකටයි.

පොලිස් නිලධාරීන් පිරිසක් අද (11) අලුයම කනංකේ රජමහා විහාරය අසළදී ගවයෙක් ලොරි රථයකට පටවන ආකාරය දැක තිබෙනවා.

ඉන්පසු එම ලොරි රථය ලුහු බැඳ ආ පොලිස් නිලධාරීඉන් දොලේලියද්ද ප්‍රදේශයේදී එම ලොරි රථය නවත්වන ලෙස අණ කර තිබෙනවා.

ලොරි රථ රියදුරා විසින් පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් මෙලෙස වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීමෙන් ලොරි රථයේ සිටි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහු කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. ලොරි රථයේ සිටි තවත් දෙදෙනෙකු පළාගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැමදාම අපි හිටියේ නිවැරදි තැන - ශිරානි අගවිනිසුරුතුමිය ගෙදර යවන්න යද්දි අපි විරුද්ධ වුණා
01:08
Video thumbnail
159ය හිතන්න පුළුවන් පාර්ලිමේන්තුවේ දිනන්න පුළුවන් කියලා - ජන බලයෙන් මේ පාලනය අපි ගෙදර යවනවා
00:55
Video thumbnail
රටට තියෙන එකම විකල්පය සජබය - කල හැකි හැමදේම අදත් කරනවා හෙටත් කරනවා
01:47
Video thumbnail
සිපිරිගෙයට ගිය නාමල් ගැන ඇමති නලින්ද කට අරියි - අපරාධය කරපු අය තමයි දන්නේ සම්බන්ධය
01:59
Video thumbnail
එයාර් බස් ගනුදෙනුවට සම්බන්ධ යැයි කියන නාමල්ගේ නඩු විභාගය සිදුවුණු හැටි - මුදල් දුන් බවට සාක්ෂි නැ
05:17
Video thumbnail
2029 ජනපති නාමල් රාජපක්ෂ..ඒක හදවතින් කියන්නේ - "හිරේ දාලා පොඩි චූන් එකක් ගනිල්ලා"
00:34
Video thumbnail
නාමල් වෙනුවෙන් පෙරට ආ මිනිස්සු - "අපේ සිංහ පැටියා ඇතුළට දැම්මේ - එසේ මෙසේ පුතෙක් නෙවෙයි"
01:56
Video thumbnail
"අපේ සිංහ පැටියා තමයි නාමල් රාජපක්ෂ.. එඩිතර සිංහ පැටියව බය කරන්න බෑ"
00:20
Video thumbnail
"මමනම් හිතන්නේ අනුර, නාමල්ට බය වුණා"
00:20
Video thumbnail
විලංගු වැටුණු නාමල් රාජපක්ෂ වැලිකඩට පැමිණි අයුරු - මෙන්න එම දර්ශන
00:51