අණ නොතකා ගිය යතුරුපැදියකට STF වෙඩි ප්‍රහාරයක්

කැළණිමුල්ල පාලම අසලදී අණ නොතකා ගිය යතුරුපදියකට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වෙඩි තබා තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය යොදා තිබු ක්ෂණික මාර්ග බාධකයකදී අණ නොතකා ගිය යතුරුපැදියකට වෙඩි තැබූ බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

වෙඩි තැබීම හමුවේ අදාළ යතුරුපැදිය නොනවත්වාම පළා ගොස් ඇතැයි සඳහන්.

අද පස්වරුවේ අංගොඩ සිට කැලණිය දෙසට පුද්ගලයන් දෙදෙනෙකු සමග ධාවනය වෙමින් තිබූ අදාළ යතුරුපැදිය නතර කරන ලෙසට ක්ෂණික මාර්ග බාධකයේ සිටි විශේෂ කාර්ය බලකා නිලධාරීන් සංඥා කර තිබෙනවා.

ඒ අනුව නතර කරන මුවාවෙන් වේගය අඩු කළ සැකකරුවන් යතුරුපැදියෙන් එකවරම පළා ගොස් ඇති අතර එහිදී විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු ඊට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණා.

වෙඩි ප්‍රහාරය සමඟ යතුරුපැදිය කැලණිය දෙසට ධාවනය වී ඇති බවයි වාර්තා වන්නේ.

පළා ගිය සැකකරුවන් සොයා ප්‍රදේශයේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළ ද සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැහැ.

පොලිස් විශේෂ කාර්ය බලකාය සැක පළ කරන්නේ යතුරුපැදියේ ගිය පුද්ගලයන් කිසියම් අපරාධයක් සඳහා යමින් සිටි දෙදෙනකු වන්නට ඇති බවටයි.

මුල්ලේරියාව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
6
+1
2
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52