පසු ගියදා බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේදී 09 හැවිරිදි දැරියක් ඝාතනය කෙරුණා. ඒ සම්බන්ධයෙන් පොලිසිය සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි වියේ පසුවන අයෙකු බවයි පොලීසිය පවසුවේ. මෙම පුද්ගලයා දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති තැනැත්තෙකු වන අතර ඔහු පසුගිය 27 වනදා සිය නිවසේ සිටියදී මෙම දැරිය හුදෙකලාව යන අයුරු දුටු බව ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී පොලීසිය හෙළි කරගෙන තිබෙනවා.
