අඟුරුවාතොට මවගේ සහ බිළිඳාගේ සිරුරු නිවසට

අඟුරුවාතොට ප්‍රදේශයේ අතුරුදන්ව සිටියදී සිරුරු හමුවූ මවගේ සහ බිළිදියගේ දේහයන් අද (22) පස්වරුවේ ඔවුන් පදිංචිව සිටි නිවස වෙත රැගෙන විත් තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ඔවුන් දෙදෙනාගේම මෘත දේහ එකම පෙට්ටියක තැන්පත් කර මුද්‍රා තබා ඇති බවයි.

ඝාතනයට ලක්වූ මවගේ සහ බිළිදියගේ මෘත දේහ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ අද හොරණ මූලික රෝහලේ පැවැත්වුණා.

එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් විවෘත තීන්දුවක් ලබාදෙමින් මළසිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා.

මෙම මවගේ සහ බිළිඳාගේ සිරුරු සොයා ගන්නා අවස්ථාවේ සතුන් විසින් කා දැමීම හේතුවෙන් හඳුනාගත නොහැකි ආකාරයෙන් විනාශ වී තිබූ බව සඳහන්.

මෙම සිදුවීමෙන් පසුව ප්‍රදේශයෙන් පළාගොස් සිටි මියගිය කාන්තාවගේ මස්සිනාව අද උදෑසන අඟුරුවාතොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු පොලිස් නිලධාරීන් වෙත කතුරකින් පහර දීමට උත්සාහ දරා ඇති අතර පොලිසිය පැවසුවේ එය වැළැක්වීමට යාමේදී සැකකරු එම කතුරෙන් තමන්ටම ඇනගෙන තුවාල සිදු කරගෙන ඇති බවයි.

දින දෙකක පමණ කාලයක සිට අතුරුදන්ව සිටි 24 හැවිරිදි කාන්තාවගේ සහ ඇයගේ මාස 11ක් වයසැති සිඟිති දියණියගේ මළ සිරුරු ඔවුන් පදිංචිව සිටි නිවසට ආසන්නයේ පිහිටි කැලෑබද ප්‍රදේශයක තිබී ඊයේ (21) සොයාගනු ලැබුවා.

ඒ, වනවිටත් ඔවුන්ගේ සිරුරු සතුන් විසින් කා දමා හානිකර තිබූ බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29