අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (14) රාත්‍රියේ කටාර් රාජ්‍යයේ දෝහා නුවර බලා පිටත්ව යන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
අභාවප්‍රාප්ත කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයෙකු වන ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානිගේ දේහයට අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය දෝහා නුවර බලා පිටත්ව යන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
අද (14) පස්වරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඔහු මේ බව පැවසුවා.













