අග්‍රාමාත්‍යවරයා සහ නව ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ නව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක් අද (29) අරලියගහ මන්දිරයේ දී පැවැත් වුණා.

මෙහිදී දෙරට අතර ආර්ථික සබඳතා සහ සහයෝගීතාව පිළිබඳ සවිස්තරාත්මක සාකච්ඡාවක් පැවැති අතර, යෝජිත ඒකාබද්ධ ව්‍යාපෘති කඩිනම් කිරීමේ ක්‍රම සහ විධි විමසා ලැබුවා.

සූර්ය බලශක්තිය සහ සුළං බලය ඇතුළු බලශක්ති ක්ෂේත්‍රයට ඉන්දීය ආයෝජන වැඩි කිරීමට ඇති හැකියාව, ත්‍රිකුණාමලයේ තෙල් ගබඩා ටැංකි, වරාය, දුම්රිය මාර්ග සම්බන්ධ ඒකාබද්ධ ව්‍යාපෘති සහ කෘෂිකාර්මික හා ධීවර අංශයන්හි සංවර්ධනය සඳහා ආධාර කිරීමේ හැකියාව පිළිබඳව මෙම සාකච්ඡාවේ දී වැඩි අවධානයක් යොමු කෙරුණා.

වත්මන් ආර්ථික අර්බුදයට මුහුණදීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පහසුකම් පුළුල් කරමින් සහ සහන ද්‍රව්‍ය, ආහාර සහ ඖෂධ ලබාදෙමින් ශ්‍රී ලංකාවට ලබාදුන් සහය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉන්දියාවට ස්තූතිය පළ කර සිටියා.

ද්‍රවශීලතා ගැටළු විසඳීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැකේජය ලබාගැනීමට දුන් සහයෝගය පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවට ස්තූතිය පළ කළා.

නව මහ කොමසාරිස් සන්තෝෂ් ජා 2007 සිට 2010 දක්වා ශ්‍රී ලංකාවේ සේවය කළ කාලය සිහිපත් කරමින් සඳහන් කළේ ද්විපාර්ශ්වික මිත්‍රත්වය සහ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නැවත වරක් කොළඹට පැමිණීමට ලැබීම තමාට ලැබුණු විශාල වරප්‍රසාදයක් ලෙස සලකන බවයි.

තම මෙහෙවර ලාංකීය ජනතාව සමඟ ශ්‍රී ලංකාවේ යහපත උදෙසා මෙරට නායකයන්ගේ මඟ පෙන්වීම අනුව කටයුතු කිරීම බවත් දෙරටේ නායකයින් ඇතිකර ගත් එකඟත්වයට අනුව ඉන්දු-ශ්‍රී ලංකා සහයෝගය පිළිබඳ දැක්ම සහ එය ක්‍රියාත්මක කිරීමට එකඟ වූ දාහතර වැදෑරැම් වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම බවත් ඉන්දීය මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03