අගමැති මෝදි ශ්‍රී ලංකා භූමියට ආගන්තුකයෙකු නෙවෙයි – ජනපති අනුර

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා භූමියට ආගන්තුකයෙකු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

මෙරට නිල සංචාරයක නිරතව සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් ඊයේ (04) රාත්‍රියේ පැවති විශේෂ භෝජන සංග්‍රහයට එක්වෙමින් නුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

කලාපීය බලවතෙකු පමණක් නොව ගෝලීය වේදිකාවේ ප්‍රධාන ක්‍රීඩකයෙකු ලෙස ඉන්දියාවේ නැඟී සිටීම පිළිබඳව ශ්‍රී ලංකාව අතිශය සතුටට පත්වන බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර සිටියේ.

ශ්‍රී ලාංකිකයින්, සියලුම අමුත්තන් ඉතා උණුසුම් ලෙස වැළඳගන්නා බවත්, ඒ අතුරින් පෝක් සමුද්‍ර සන්ධිය හරහා සිටින මිතුරන් ශ්‍රී ලාංකිකයින්ගේ හදවතේ උණුසුම්ම තැනින් වැළඳගන්නා බවයි ජනධිපතිවරයා පැවසුවේ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ යහපත් සෞඛ්‍ය, ඉන්දීය ජනතාවගේ අඛණ්ඩ ප්‍රගතිය සහ සමෘද්ධිය සහ රටවල් දෙක අතර වර්ධනය වන සහයෝගීතව සහ මිත්‍රත්වය හා උදාර අපේක්ෂාවන් වෙනුවෙන් උණුසුම් හදවතින් ආශිර්වාද කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.09
00:00
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන නීතීඥයෙක් හෙළිකරපු දේ - නිලධාරින්ට වරද පටවලා ?
06:25
Video thumbnail
නාගොඩ ප්‍රදේශයේ අඹුසැමි යුවලකට වෙ#
00:18
Video thumbnail
එකම තැන බිහිසුණු අනතුරු දෙකක්
01:47