spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අගමැති මෝදි විවෘත කළ අධිවේගී මාර්ගයක් ජලයෙන් යටවෙයි

දින හයකට පෙර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් විවෘත කරන ලද කර්නාටක ප්‍රාන්තයේ බෙන්ගලුර්-මයිසුරු අධිවේගී මාර්ගය අධික වර්ෂාව හමුවේ ජලයෙන් යට වී තිබෙනවා.

ඉන්දීය රුපියල් කෝටි 8,480ක වියදමින් ඉදිකරන ලද අධිවේගී මාර්ගය, රාමනගර් දිස්ත්‍රික්කය ආසන්නයේ දීයි මෙලෙස ජලයෙන් යටවී ඇත්තේ.

අධිවේගී මාර්ගයේ පිහිටි පාලමක් අසල ජලය එක්රැස් වීම හේතුවෙන් අනතුරු මාලාවක් ද වාර්තා වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස වාහන සෙමින් ගමන් කිරීම නිසා අධිවේගී මාර්ගයේ දිගු වේලාවක් වාහන තදබදයක් ද පැවතුණා.

පසුගිය වසරේ කර්නාටක ප්‍රාන්තයට පැවති දැඩි වර්ෂාපතනය හමුවේ ද ජලයෙන් යට වූයේ මේ පාලමයි.

“මගේ මරුටි ස්විෆ්ට් මෝටර් රථය ජලයෙන් යටවී තිබූ පාලමේ අඩක් දියේ ගිලී ගියා. එය ක්‍රියා විරහිත විය, පිටුපසින් පැමිණි ලොරියක් මගේ මෝටර් රථයට හැප්පුණා. මේකට වගකිව යුත්තේ කවුද? මගේ මෝටර් රථය අලුත්වැඩියා කර දෙන ලෙස මම මහ ඇමති බොම්මායිගෙන් ඉල්ලා සිටිමි. අධිවේගී මාර්ගය විවෘත කළා, එතුමාගේ මාර්ග හා ප්‍රවාහන අමාත්‍යාංශයෙන්වත් බැලුවද, පාර විවෘත කිරීමට සූදානම්ද කියලා” යනුවෙන් ජනතාව චෝදනා කර තිබෙනවා.

අගමැති මෝදි පසුගිය 12 වනදා කිලෝමීටර් 118 ක් දිග බෙන්ගලුර්-මයිසුරු අධිවේගී මාර්ගය විවෘත කළ අතර එමඟින් ගමන් කාලය පැය තුනේ සිට විනාඩි 75ක් දක්වා අඩු වුණා.

මංතීරු හයේ මෙම මාර්ගය කලාපයේ සමාජ-ආර්ථික සංවර්ධනය සඳහා ක්‍රියා කරනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?