අගමැති මෝදි විවෘත කළ අධිවේගී මාර්ගයක් ජලයෙන් යටවෙයි

දින හයකට පෙර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් විවෘත කරන ලද කර්නාටක ප්‍රාන්තයේ බෙන්ගලුර්-මයිසුරු අධිවේගී මාර්ගය අධික වර්ෂාව හමුවේ ජලයෙන් යට වී තිබෙනවා.

ඉන්දීය රුපියල් කෝටි 8,480ක වියදමින් ඉදිකරන ලද අධිවේගී මාර්ගය, රාමනගර් දිස්ත්‍රික්කය ආසන්නයේ දීයි මෙලෙස ජලයෙන් යටවී ඇත්තේ.

අධිවේගී මාර්ගයේ පිහිටි පාලමක් අසල ජලය එක්රැස් වීම හේතුවෙන් අනතුරු මාලාවක් ද වාර්තා වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස වාහන සෙමින් ගමන් කිරීම නිසා අධිවේගී මාර්ගයේ දිගු වේලාවක් වාහන තදබදයක් ද පැවතුණා.

පසුගිය වසරේ කර්නාටක ප්‍රාන්තයට පැවති දැඩි වර්ෂාපතනය හමුවේ ද ජලයෙන් යට වූයේ මේ පාලමයි.

“මගේ මරුටි ස්විෆ්ට් මෝටර් රථය ජලයෙන් යටවී තිබූ පාලමේ අඩක් දියේ ගිලී ගියා. එය ක්‍රියා විරහිත විය, පිටුපසින් පැමිණි ලොරියක් මගේ මෝටර් රථයට හැප්පුණා. මේකට වගකිව යුත්තේ කවුද? මගේ මෝටර් රථය අලුත්වැඩියා කර දෙන ලෙස මම මහ ඇමති බොම්මායිගෙන් ඉල්ලා සිටිමි. අධිවේගී මාර්ගය විවෘත කළා, එතුමාගේ මාර්ග හා ප්‍රවාහන අමාත්‍යාංශයෙන්වත් බැලුවද, පාර විවෘත කිරීමට සූදානම්ද කියලා” යනුවෙන් ජනතාව චෝදනා කර තිබෙනවා.

අගමැති මෝදි පසුගිය 12 වනදා කිලෝමීටර් 118 ක් දිග බෙන්ගලුර්-මයිසුරු අධිවේගී මාර්ගය විවෘත කළ අතර එමඟින් ගමන් කාලය පැය තුනේ සිට විනාඩි 75ක් දක්වා අඩු වුණා.

මංතීරු හයේ මෙම මාර්ගය කලාපයේ සමාජ-ආර්ථික සංවර්ධනය සඳහා ක්‍රියා කරනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුත අනුර.. දුර බලනු, ළඟ නොබලනු - දිලිත් සැරටම කියයි
08:57
Video thumbnail
සංචාරකයින් ගිය බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර - යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:36
Video thumbnail
ඉක්මණට නඩු අහනවාට විපක්ෂය බයයි? සති 2න් 3න් නඩු තීන්දු එනවනේ
05:26
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් අත්අඩංගුවට
00:47
Video thumbnail
පොලිස්පතිට කළ ප්‍රකාශයට පොහොට්ටුවේ සාගරට වැඩ වරදියි ? මේක නීතියේ අධිපත්‍යයට කරපු තර්ජනයක්
05:41
Video thumbnail
අපේ ආණ්ඩුවක් ආවාම උත්තර දෙන්න බලාගෙන ඉන්නේ - චානක පොලිස් ඇමති එක්ක ගේම ඉල්ලයි
02:46
Video thumbnail
වයස 65ක් කියන්නේ තාම තරුණයි - විශ්‍රාම වයස වැඩිකිරීම සුදුසුයි
09:28
Video thumbnail
මහානායක හිමියන්ලා ඉන්නේ සැකපිටද ?රජය වෙනුවෙන් කතාකරන්න ජනාධිපති නීතිඥයින් නෑ
11:54
Video thumbnail
සාගර කාරියවසම් පොලිස්පතිට මරණ තර්ජනය කරලා..?
05:15
Video thumbnail
නගරාධිපති ව්‍රායි රුමේෂ් තරංගට දුන්න උණුසුම් පිළිගැනීම
01:26