අගමැති මහින්දට කරදරයක් ද?මෙන්න ඇත්ත

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් වන තොරතුරක් අද පෙරවරුවේ සමාජ ජාල, දුරකථන හා කෙටි පණිවිඩ මාර්ගයයෙන් විශාල වශයෙන් පැතිර ගියේය.

නමුත් එම තොරතුර අසත්‍ය බව පවසමින් දෙහිවල හිටපු නගරාධිපති අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් ධනසිරි අමරතුංග මහතා තම සමාජ ජාල ගිණුමේ මෙම සටහන තබා ඇත.

අද උදේ රට වටේ, ලෝකෙ වටේ විශාල ප්‍රචාරයක් ගියා මහින්ද රාජපක්ෂ අපේ ආදරණීය නායකතුමාට කරදරයක් විපතක් ප්‍රශ්නයක් ඇතිවෙලා කියලා ඒක යම් කණ්ඩායම් විසින් හිතාමතා ගොතපු බොරුවක්. ඒක මුළු ලෝකයටම ගියා අද. අද උදේ ඉඳලා මට විතරක් calls , messages ආවා විශාල ප්‍රමාණයක්. ඉතිං මෙහෙම කරන්නේ ඔක්කොම දන්නවා ‘අපේ දේශපාලන විරුද්ධවාදීන් විශේෂයෙන්’ හොඳටම දන්නවා මහින්ද මහත්තයට මොනාහරි ප්‍රශ්නයක් ඇති වුණොත් එදාට මේ රටේ බලය ඒගොල්ලන්ට අල්ලන්න ඒගොල්ලන්ගේ රජදහන කරගන්න හොරගුහාව කරගන්න ඒගොල්ලන්ට විශාල අවස්ථාවක් ලැබෙනවා කියලා. අන්න ඒ අවස්ථාව උදාකර ගන්න හදන්නේ බලෙන් ඒ වගේම ඒ අවස්ථාව ගැන හීන මවමින් මේ වගේ කුපාඩි ප්‍රචාර කරන කණ්ඩායම් ගැන අපි බොහොම අවධානයෙන් ඉන්න ඕනේ.

ඉතිං මේ ආරංචිය අද උදේ පාන්දර ආවහම මම උදේ පාන්දරම මහින්ද මහත්තයට කතා කරලා මං මුලින්ම ඇහුවේ ඔබතුමාට කොහොමද කියලා. එතුමා වෙනදා වගේම උත්තර දුන්නේ මල්ලි මං ෆිට් එකේ ඉන්නවා කියලා දැනුත් මේ ජිම් එකේ බොක්සිං ගහන ගමන් ඉන්නේ ඇයි හදිස්සියක්ද කියලා මං කිව්වා නෑ සර් මේ එක එක්කෙනා බොරු කතා කියනවා ඒකයි බැලුවේ කියලා. ඒ ගමන එතුමා කිව්වා අනේ ඔය කියන එවුන් බලාගෙන ඉන්නෙ මං මැරෙනකල් එහෙමත් නැත්නම් මට මොනාහරි දෙයක් වෙනකන් බයවෙන්න එපා මං මේ රට වෙනුවෙන් දෙයක් කරපු මිනිහෙක් මං මේ රට බේරගත්ත නායකයා ඒ වගේම මේ රටේ අහිංසක මිනිස්සුන්ගෙන් ආදරය කරුණාව ආශිර්වාදය තියෙනකල් මට ඉහෙන් බහින රෝගයක් හැදෙන්නෑ මල්ලි එක නිසා කිසි දෙයකට බයවෙන්න එපා ඒ කතා කරන අයට කියන්න එදාට වඩා හොඳට මහින්ද අද ඉන්නවා කියලා ඔන්න ඕක තමා වුන ඇත්ත කතාව. මට මේ වුන කතාව නිකං ලියන්න හිතුනා මොකද මං මගේ මහින්ද රාජපක්ෂ මහත්තයාට පණ වගේ ආදරේකරන නිසා.

– Danasiri Amaratunga FB



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33