spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අගමැති මහින්දට කරදරයක් ද?මෙන්න ඇත්ත

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් වන තොරතුරක් අද පෙරවරුවේ සමාජ ජාල, දුරකථන හා කෙටි පණිවිඩ මාර්ගයයෙන් විශාල වශයෙන් පැතිර ගියේය.

නමුත් එම තොරතුර අසත්‍ය බව පවසමින් දෙහිවල හිටපු නගරාධිපති අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් ධනසිරි අමරතුංග මහතා තම සමාජ ජාල ගිණුමේ මෙම සටහන තබා ඇත.

අද උදේ රට වටේ, ලෝකෙ වටේ විශාල ප්‍රචාරයක් ගියා මහින්ද රාජපක්ෂ අපේ ආදරණීය නායකතුමාට කරදරයක් විපතක් ප්‍රශ්නයක් ඇතිවෙලා කියලා ඒක යම් කණ්ඩායම් විසින් හිතාමතා ගොතපු බොරුවක්. ඒක මුළු ලෝකයටම ගියා අද. අද උදේ ඉඳලා මට විතරක් calls , messages ආවා විශාල ප්‍රමාණයක්. ඉතිං මෙහෙම කරන්නේ ඔක්කොම දන්නවා ‘අපේ දේශපාලන විරුද්ධවාදීන් විශේෂයෙන්’ හොඳටම දන්නවා මහින්ද මහත්තයට මොනාහරි ප්‍රශ්නයක් ඇති වුණොත් එදාට මේ රටේ බලය ඒගොල්ලන්ට අල්ලන්න ඒගොල්ලන්ගේ රජදහන කරගන්න හොරගුහාව කරගන්න ඒගොල්ලන්ට විශාල අවස්ථාවක් ලැබෙනවා කියලා. අන්න ඒ අවස්ථාව උදාකර ගන්න හදන්නේ බලෙන් ඒ වගේම ඒ අවස්ථාව ගැන හීන මවමින් මේ වගේ කුපාඩි ප්‍රචාර කරන කණ්ඩායම් ගැන අපි බොහොම අවධානයෙන් ඉන්න ඕනේ.

ඉතිං මේ ආරංචිය අද උදේ පාන්දර ආවහම මම උදේ පාන්දරම මහින්ද මහත්තයට කතා කරලා මං මුලින්ම ඇහුවේ ඔබතුමාට කොහොමද කියලා. එතුමා වෙනදා වගේම උත්තර දුන්නේ මල්ලි මං ෆිට් එකේ ඉන්නවා කියලා දැනුත් මේ ජිම් එකේ බොක්සිං ගහන ගමන් ඉන්නේ ඇයි හදිස්සියක්ද කියලා මං කිව්වා නෑ සර් මේ එක එක්කෙනා බොරු කතා කියනවා ඒකයි බැලුවේ කියලා. ඒ ගමන එතුමා කිව්වා අනේ ඔය කියන එවුන් බලාගෙන ඉන්නෙ මං මැරෙනකල් එහෙමත් නැත්නම් මට මොනාහරි දෙයක් වෙනකන් බයවෙන්න එපා මං මේ රට වෙනුවෙන් දෙයක් කරපු මිනිහෙක් මං මේ රට බේරගත්ත නායකයා ඒ වගේම මේ රටේ අහිංසක මිනිස්සුන්ගෙන් ආදරය කරුණාව ආශිර්වාදය තියෙනකල් මට ඉහෙන් බහින රෝගයක් හැදෙන්නෑ මල්ලි එක නිසා කිසි දෙයකට බයවෙන්න එපා ඒ කතා කරන අයට කියන්න එදාට වඩා හොඳට මහින්ද අද ඉන්නවා කියලා ඔන්න ඕක තමා වුන ඇත්ත කතාව. මට මේ වුන කතාව නිකං ලියන්න හිතුනා මොකද මං මගේ මහින්ද රාජපක්ෂ මහත්තයාට පණ වගේ ආදරේකරන නිසා.

– Danasiri Amaratunga FB

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?