spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අගමැති දිනේෂ් සහ මාලදිවයින කථානායකවරයා අතර හමුවක් (ඡායාරූප)

මාලදිවයින පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් අස්ලාම් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර හමුවක් ඊයේ (18) අරලියගහ මන්දිරයේ දී සිදු වුණා.

කිසි දිනක පලුදු නොවූ දෙරට අතර අනාදිමත් කාලයක සිට තිබූ සම්බන්ධතා සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සහ කථානායකවරයා මෙහි දී ස්මරණය කළා.

මාලදිවයින් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට ශ්‍රී ලාංකිකයින් දක්වන බුද්ධිමය දායකත්වය පිළිබඳව කථානායකවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.

ඒ, බොහෝ ශ්‍රී ලාංකික ගුරුවරුන් මාලදිවයිනේ පෙර පාසල් සහ පාසල්වල සේවය කිරීමයි.

මාලදිවයින් ආයෝජනවලින් 10%ක් ආයෝජනය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන සමාගම් විසින් වීම විශේෂත්වයක් බව කථානායකවරයා පැවසුවා.

ආසියා කලාපයෙන් අපේ ස්ථාවර කමිටුවට ශ්‍රී ලංකාව නම් කර ඇති බව ද මාලදිවයින් කථානායකවරයා මෙහිදී ප්‍රකාශ කළා.

රාජ්‍ය අමාත්‍යවරුන් වන විදුර වික්‍රමනායක, කාදර් මස්ථාන්, සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන අය ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

WhatsApp Image 2024 01 19 at 12.18.40 PM
WhatsApp Image 2024 01 19 at 12.18.39 PM
WhatsApp Image 2024 01 19 at 12.18.38 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?