spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අගමැති, ජාතික චෙස් ශූරයාගේ ජාත්‍යන්තර ජය අගයයි (ඡායාරූප)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති 2024 ආසියානු යොවුන් චෙස් ශූරතාවලියේ රන් පදක්කම දිනාගත් එල්.එම්.සුසල් ද සිල්වා සිසුවා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ඇගයීමට ලක් වුණා.

ඒ, මෙම ක්‍රීඩකයා පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පසුගිය 09 වනදා හමු වූ අවස්ථාවේදීයි.

කොළඹ නාලන්දා විද්‍යාලයේ ඉගෙනුම ලබන මෙම යොවුන් ක්‍රීඩකයා, රටට ගෙනදුන් කීර්තිය ඉහළින් අගය කළ අග්‍රාමාත්‍යවරයා, ඔහුට ඉදිරි ක්‍රීඩා කටයුතු සඳහා ආශිර්වාද එක්කර සිටියා.

සුසල් ද සිල්වා, වයස අවුරුදු 15 දී, ශ්‍රී ලංකාවේ ලාබාලතම ජාතික චෙස් ශූරයා බවට පත් වුණා.

2022 වසරේ දී අඛණ්ඩව දෙවන වරටත්, 2023 වසරේ දී තුන්වන වරටත් ඔහු ජාතික ශූරතාව දිනාගත්තා.

ඔහු, ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශයන් හි පැවති ජාත්‍යන්තර චෙස් තරඟ ගණනාවක් ද ජයග්‍රහණය කර තිබෙනවා.

WhatsApp Image 2024 02 11 at 11.15.57 AM 1
WhatsApp Image 2024 02 11 at 11.15.58 AM
WhatsApp Image 2024 02 11 at 11.15.57 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?