අගමැතිගේ ලේකම්ගෙන් මහා හෙළිදරව්වක්

අගමැති මහින්ද රාජපක්ෂ මහතා 20 වැනි සං‌ශෝධනයෙන් අනතුරුව කොන් කර ඇති බවත්, ජනාධිපතිවරයා වටා සිටින පිරිස් එසේ කොට ඇති බවත් අගමැති මහින්ද රාජපක්ෂගේ මුස්ලිම් කටයුතු සම්බන්ධීකාරක ශිරාම් යුනුස් මහතා පවසයි.

මේ වනවිට ආණ්ඩුව ඇතුළේ ජනාධිපති-අගමැති කියා කණ්ඩායම් 2ක් බිහිව ඇති බවත්, අගමැති අද සිටින්නේ නමට විතරක් බවත් ඒ මහතා කීය.

මහින්ද මහතා වටේ පවා අද ඉන්නේ ව්‍යාපාරිකයන් පිරිසක් බවත්, වයිරස් විශාල ප්‍රමාණයක් ඒ අතර සිටින බවත් යූනුස් මහතා පෙන්වා දුන්නේය. මේ සියල්ල වන්නේ මුදල් මත බවත් ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබද ඉන්දියාවට ඉන්දියාවට තොරතුරු ලැබී තිබියදීත් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවත්, එම ප්‍රහාරයෙන් පසු මුස්ලිම් ජනතාවට දැඩි හානියක් සිදුවූ බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

එම නිසා මුස්ලිම් ජනතාව සිටින්නේ ආණ්ඩුව කොයි වෙලේ වැටෙයිද කියා විශ්වාස නැති බව කී ඒ මහතා මුස්ලිම් ජන්දවලින් 98%ක් පොහොට්ටුවට ජන්දය නොදෙන බවද කියා සිටියේය.

ඥානසාර හිමියන් පිළිබදව අදහස් දැක්වූ ඒ මහතා ඥානසාර හිමියන්ට ‘හාමුදුරුවන්’ ලෙස ආමන්ත්‍රණය කරන්නේ නැති බවත් යූනුස් මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම කාදිනල් හිමියන් පවා එදා විශාල ඇන්දීමක බවද ඒ මහතා ‌සදහන් කළේය.

යූනුස් මහතා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග සාකච්ජාවකට එක්වෙමින් මේ බව කීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්
01:28
Video thumbnail
"ඔයාලා වගේ ඩබල් ගේම් ගහන්නේ නෑ..බයිලා ගහන්න එන්න එපා"බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්.
05:07
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.24
00:00
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට රිදෙනවා ඇති - ආණ්ඩුවේ පදයට නටන්න එන්න එපා
04:00
Video thumbnail
මුජිබුර්ගෙන් සැර සත්තමක් - යුද්දෙ අස්සේ සුද්දෙ දාන කළු කඩ මුදලාලිලා වෙන්න එපා
07:15
Video thumbnail
මැතිනිගේ ක්‍රමයේ ගියා නම් රටට මෙහෙම වෙන්නේ නෑ
02:55
Video thumbnail
ආණ්ඩුවට බැනලා වැඩක් නෑ - දරාගන්න අමාරුයි
05:10
Video thumbnail
පොලිස්පති මගේ යාළුවා - තුවක්කුවලට මන් බය නෑ සර්
03:19
Video thumbnail
බේරුවල ප්‍රාදේශීය සභාවේ අදත් ලොකු වලියක් - මාලිමා මන්ත්‍රීව දොට්ට දායි
02:49
Video thumbnail
රනිල්ගේ උපන්දිනය මිනිස්සු කිරිබත් කාලා ජයටම සැමරූ හැටි
03:03