AFC Banner
Empty Ad
Empty Ad

අගමැතිගේ ලේකම්ගෙන් මහා හෙළිදරව්වක්

අගමැති මහින්ද රාජපක්ෂ මහතා 20 වැනි සං‌ශෝධනයෙන් අනතුරුව කොන් කර ඇති බවත්, ජනාධිපතිවරයා වටා සිටින පිරිස් එසේ කොට ඇති බවත් අගමැති මහින්ද රාජපක්ෂගේ මුස්ලිම් කටයුතු සම්බන්ධීකාරක ශිරාම් යුනුස් මහතා පවසයි.

මේ වනවිට ආණ්ඩුව ඇතුළේ ජනාධිපති-අගමැති කියා කණ්ඩායම් 2ක් බිහිව ඇති බවත්, අගමැති අද සිටින්නේ නමට විතරක් බවත් ඒ මහතා කීය.

මහින්ද මහතා වටේ පවා අද ඉන්නේ ව්‍යාපාරිකයන් පිරිසක් බවත්, වයිරස් විශාල ප්‍රමාණයක් ඒ අතර සිටින බවත් යූනුස් මහතා පෙන්වා දුන්නේය. මේ සියල්ල වන්නේ මුදල් මත බවත් ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබද ඉන්දියාවට ඉන්දියාවට තොරතුරු ලැබී තිබියදීත් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවත්, එම ප්‍රහාරයෙන් පසු මුස්ලිම් ජනතාවට දැඩි හානියක් සිදුවූ බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

එම නිසා මුස්ලිම් ජනතාව සිටින්නේ ආණ්ඩුව කොයි වෙලේ වැටෙයිද කියා විශ්වාස නැති බව කී ඒ මහතා මුස්ලිම් ජන්දවලින් 98%ක් පොහොට්ටුවට ජන්දය නොදෙන බවද කියා සිටියේය.

ඥානසාර හිමියන් පිළිබදව අදහස් දැක්වූ ඒ මහතා ඥානසාර හිමියන්ට ‘හාමුදුරුවන්’ ලෙස ආමන්ත්‍රණය කරන්නේ නැති බවත් යූනුස් මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම කාදිනල් හිමියන් පවා එදා විශාල ඇන්දීමක බවද ඒ මහතා ‌සදහන් කළේය.

යූනුස් මහතා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග සාකච්ජාවකට එක්වෙමින් මේ බව කීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?