අගතියට පත් පෙත්සම්කරුවන්ට වන්දියක් දෙන්න – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ඒ වෙනුවෙන් අගතියට පත් වූ පෙත්සම්කරුවන්ට රජය විසින් රුපියල් ලක්ෂ 33ක වන්දියක් ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සේවය කරන ලේඛන සහකාරවරු උසස් කිරීමේ විභාගය දින නියමයක් නොමැතිව කල්දැමීම තුළින් මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත්තේ.

රජයේ බලධාරීන් නිසි වේලාවට ගත යුතු තීරණ නොගැනීම හේතුවෙන් ජන ජීවිතයට බලපෑම් සිදුවන බවත් ඒ හරහා රාජ්‍ය සේවයේ ඵලදායීතාව කප්පාදු වීමට මඟපෑදෙන බවත් ගාමිණී අමරසේකර, ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් ප්‍රකාශයට පත් කළ තීන්දුවේ සඳහන්.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සමස්ත ලංකා ලේඛන සහකාර සංගමයේ ලේකම් ඩී. එම්. එස්. දිසානායක ඇතුළු ලේඛන සහකාරවරු 132 දෙනෙකු විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරු මේ බව සඳහන් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් ප්‍රකාශ කර ඇත්තේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ලේඛන සහකාර තුන්වන ශ්‍රේණියට තමන් 2005 වසරේ ජූලි මස 11 වනදා පත්වීම් ලැබූ බවයි.

ඉන් අනතුරුව තමන්ව ලේඛන සහකාර දෙවන ශ්‍රේණියට උසස් කිරීම සඳහා වූ විභාගයක් 2013 වසරේ පෙබරවාරි මස දෙවන දා පැවැත්වීමට දින නියම කර තිබූ බවත් ඉදිරිපත් වූ නිර්නාමික ලිපියක් පදනම් කරගෙන අදාළ විභාගය දින නියමයක් නොමැතිව කල් දැමීම තුළින් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කර ඇත්තේ නිර්නාමික ලිපියක අන්තර්ගත තොරතුරු පිළිබඳව නිසි විමර්ශනයක් නොපවත්වා අදාළ විභාගය දින නියමයක් නොමැතිව කල් දැමීමට රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ගනු ලැබූ තීරණය අත්තනෝමතික මෙන්ම නීතියට පටහැනි ක්‍රියාවක් බවයි.

මේ තුළින් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ඒ වෙනුවෙන් එක් එක් පෙත්සම්කරුට රුපියල් 25,000/- බැගින් පෙත්සම්කරුවන් සඳහා රජය විසින් වන්දි ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එහි දී නියෝග කර ඇති බවත් අප වාර්තාකරු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37