spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අකුණු සැර වැදී එළ ගවයින් හත්දෙනෙකු මිය යයි

ඊයේ (24) දින සවස පැවති අධික වර්ෂාවත් සමග අකුණුසැර වැදීමෙන් දෙල් ගසක් යට සිටි එළ ගවයින් හත්දෙනෙකු එතැනම මියගොස් තිබෙන බව පොලිසිය පවසනවා.

මැදගම අලම්මුල්ල ප්‍රදේශයට 24 දින සවස පැවති අධික වර්ෂාවත් සමඟ නොතැමි සිටීමට දෙල් ගසක් යටට ගිය ගම්වාසීන් තිදෙනෙකුට අයත් එළ ගවයින් හත්දෙනෙකු අකුණු සැර වැදීමෙන් මියගොස් තිබෙන අතර එහි ගැබ්බර ගව දෙනුන් දෙදෙනෙකු සිටිය බවද පොලිසිය සඳහන් කරනවා.

මිය ගිය ගවයින් සියලුම දෙනාම ප්‍රදේශවාසීන් එක්ව වලක් කපා මිහිදන් කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ දින වලදී සවස් කාලයේ පවතින අධික වර්ෂාවත් සමග අකුණු සැර නිතර පොළවට පතිත වන නිසා සවස් කාලයේ ගමන් බිමන් පරිස්සමෙන් යායුතු බව පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?