අකුණු සැරයක් බිළිගත් 12 හැවිරිදි දරුවා

කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (15) දිනයේ ඇඳ හැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ අකුණු සැර වැදීමෙන් පාසල් දරුවෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රුවන්වැල්ල, ගෝනගල, මාපිටිගම ප්‍රදේශයේ පදිංචිව සිටි දනුජ බිම්සර නැමැති 12 හැවිරිදි දරුවෙක්.

මෙම දරුවා දිය නෑමට ගොස් නැවත නිවසට පැමිණෙමින් සිටිය දී ඔහු මෙම අනතුරට භාජනය වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක බාලම දරුවා වූ දනුජ එම පවුලේ එකම පිරිමි දරුවායි.

අකුණු සැර වැදීමෙන් පසු අද (15) පස්වරුවේ ඔහු අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිට ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40