අක්මීමන – හියාරේ නිවසක කාන්තා මළ සිරුරක් – ඝාතනය කළ බවට සැකයක් (ඡායාරූප)

ඝාතනය කරන ලද බවට සැකකෙරෙන කාන්තාවකගේ මළ සිරුරක් අක්මීමන, හියාරේ ප්‍රදේශයේ නිවසක තිබී සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ වයස අවුරුදු 65ක පමණ කන්තාවකගේ මළ සිරුරක් වන අතර, ඇය හියාරේ ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියක් බවයි අක්මීමන පොලිසිය සඳහන් කළේ.

අදාළ කාන්තාව නිවසේ තනිව ජීවත්ව ඇති අතර, ඊයේ (05) රාත්‍රියේ ඇයගේ දියණියක් නිවසට පැමිණ බැලීමේ දී සිය මව මියගොස් ඇති බව දැක තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පොලිසියට දැනුම්දීමෙන් පසු සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ ඇය පැළඳ සිටි මාලය, කරාඹු යුගළය කිසිවෙකු විසින් ගලවාගෙන ගොස් ඇති බවයි.

එමෙන්ම ඇයගේ මුහුණේ ද තුවාල සිදුව ඇති බවට නිරීක්ෂණය වූ බව පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (05) රාත්‍රියේ ම සිදුකර ඇති අතර, මෘත ශරීරය කරාපිටිය රෝහල වෙත යොමුකර තිබෙනවා.

මේ අතර රාගම දුම්රිය ස්ථානය ඉදිරිපිට තිබී නාඳුනන මළ සිරුරක් පොලිසිය විසින් ඊයේ (05) සොයා ගත්තා.

මෙලෙස සොයාගෙන ඇත්තේ අවුරුදු 65ත් 70ත් අතර වයසේ පසුවන අයෙකුගේ මළ සිරුරක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
0
+1
3
+1
15
+1
4
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23