ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ආසියා පැසිෆික් සංචාරය අරඹයි

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය ධුර කාලය තුළ ආසියා පැසිෆික් කලාපයේ දීර්ඝතම සහ දුරස්ථ සංචාරය ආරම්භ කරමින් ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට පැමිණ තිබෙනවා.

දින 12 ක සංචාරයේ දී ඔහු පාරිසරික ගැටළු සහ අන්තර් ආගමික සංවාදයේ වැදගත්කම ඉස්මතු කිරීමට අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පැපුවා නිව්ගිනියාව, සිංගප්පූරුව සහ ටිමෝර්-ලෙස්ටේ වෙත පාප් වහන්සේ සංචාරය කිරීමට නියමිතයි.

දෙසැම්බර් මාසයේ දී 88 වන වියට පා තබන සහ සෞඛ්‍ය ගැටළු රාශියක් සමඟ පොරබදමින් සිටින මිනිසෙකු මෙවන් සංචාරයක නිරත වීම ම දැවැන්ත අභියෝගාත්මක ගමනක් විය හැකි බවයි BBC පුවත් සේවය පාප් වහන්සේගේ නිල සංචාරය හුවා දක්වමින් සඳහන් කරන්නේ.

ආසියා පැසිෆික් කලාපය කතෝලික පල්ලිය බව්තීස්ම වූ ඇදහිලිවන්ත හා ආගමික වෘත්තීන් අනුව වර්ධනය වන ස්ථාන කිහිපයෙන් එකක්.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය නිල “X” ගිණුමේ සටහනක් දක්වමින් පවසන්නේ, “අද මම ආසියාවේ සහ ඔෂේනියා (Oceania)ආදි රටවල් කිහිපයකට ගමනක් ආරම්භ කරන බවයි”.

ගෝලීය වශයෙන් වැඩිම මුස්ලිම් ජනගහනයක් සිටින ඉන්දුනීසියාවට පැමිණි තුන්වන පාප්වරයා ද ඔහු වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46