හොර්මුස් සමුද්‍ර සන්ධියේදී භාණ්ඩ ප්‍රවාහන නෞකා දෙකක් නාවික බිම් බෝම්බවල ගැටුණු බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) වාර්තා කිරීමෙන් අනතුරුව, ගිනි ගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක සිටි පුද්ගලයින් 22 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙරළාරක්ෂක බලකාය විසින් බේරාගෙන තිබෙනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික ආරක්ෂක බලකායට අනුව, යාත්‍රාවේ කාර්ය මණ්ඩලය වෙරළාරක්ෂක ඒකකයකට ගින්න පිළිබඳව දැනුම් දීමෙන් පසු ගලවා ගැනීමේ මෙහෙයුම ආරම්භ කර තිබෙනවා.
ආපදා ඇමතුමෙන් පසු, විශේෂිත කණ්ඩායම් හදිසි ප්‍රතිචාර ක්‍රියා පටිපාටි ක්‍රියාත්මක කර, යාත්‍රාව සොයාගෙන, කාර්ය මණ්ඩල සාමාජිකයින් 22 දෙනා ඉවත් කිරීම සඳහා නැවට ළඟා විය.
බේරාගත් පුද්ගලයින්ට අදාළ බලධාරීන්ට භාර මට පෙර ප්‍රථමාධාර ලබා දී ඇති අතර, බේරාගත් සියලුමදෙනා ස්ථාවර තත්ත්වයේ සිටින බවයි වාර්තා වන්නේ.
