හෙරොයින් සමග රෝහල් සේවිකාවක් අත්අඩංගුවට

කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්යය සහායිකාවක ලෙස සේවය කරන කාන්තාවක් හෙරොයින් සමග කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

38 හැවිරිදි මෙම කාන්තාව පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකාරිණියක වන අතර, දැනට කටුනායක කෝවින්න ප්‍රදේශයේ නිවසක් කුළියට ගෙන වෙනත් සැමියෙකු සමග ජීවත් වෙමින් සිටින බවයි මූලික විමර්ශනවලදී අනාවරණය කර ගෙන ඇත්තේ.

ඇය විසින්ම නිපදවන කාන්තාවන් රූපලාවන්‍ය කටයුතු සදහා යොදා ගන්නා ආලේපනයක් අඩංගු බදුන් තුළ, මෙම හෙරොයින් වෙනම ඔතා, කුඩා පැකට්ටු සකස් කර ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ බව පොලිසිය ප්‍රකාශ කළා.

මෙම ආලේපන බඳුන් තුළ රුපියල් දෙලක්ෂ පනස් දහසක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 5 යි මිලි ග්‍රෑම් 200 බරැති හෙරොයින් තිබී පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක පොලිස් ස්ථානාධිපතිවරයා වෙත පෞද්ගලික ඔත්තුකරුවෙකු විසින් දෙන ලද තොරතුරක් මත මෙමයි සැකකාරිය අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ .

ඊයේ (01) දින මෙම කාන්තාව මෙම හෙරොයින් අඩංගු ආලේපන පාර්සලය කටුනායක මල්ගස්හංදිය ප්‍රදේශයේ දී මෝටර් රථයක පැමිණි පුද්ගලයෙකුට ලබා දීමට උත්සාහ කරමින් සිටියදී, පොලිස් නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය අත් අඩංගුවේ තබා ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන අතර අද ඇය මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06