Thursday, December 5, 2024
Empty Ad
AFC Banner

හෙදියක් තවත් හෙදියකගේ පසුම්බිය සොරා ගෙන

පානදුර මූලික රෝහලේ හෙදියකගේ මුදල් පසුම්බිය සොරා ගෙන එහි තිබූ ජාතික හැඳුනුම්පත උපයෝගී කරගෙන පුද්ගලික බැංකුවකින් ණය මුදලක් වංචනික ලෙස ලබා ගත් තවත් හෙදියක් අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන හෙදියකි

ඉකුත් අගෝස්තු මස 16 වැනි දින පැමිණිලිකාර හොරණ ප්‍රදේශයේ පදිංචි හෙදියකගේ මුදල් පසුම්බිය දැඩි සත්කාර ඒකකයේ තිබියදී රුපියල් 2000කට අධික මුදලක් සහ හැඳුනුම්පත් ඇතුළු ලිපි ලේඛන සමග අස්ථානගත වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇය දැඩිසත්කාර ඒකකය තුළ සොයා බලා අනතුරුව පානදුර දකුණු පොලිසියට පැමිණිල්ලක්ද කර තිබූ බව පොලිසිය කියයි

පැමිණිලිකාර හෙදියගේ ලිපිනයට මීට දින දෙකකට පමණ ඉහතදී පානදුර ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකින් ” ඔබ ලබාගත් රුපියල් 16,000 ක ණය මුදලේ වාරික මුදල් නිසි අයුරින් නොගෙවා ඇති බවත් එය ගෙවන ලෙස” සිහි කැඳවන ලිපියක් ලැබීමත් සමගම එම ලිපිය රැගෙන ඇය බැංකුව වෙත ගොස් තොරතුරු සොයා බැලීමේදී ඇයගේ නමින් ණය මුදලක් ලබාගෙන ඇති බවට අනාවරණය වී තිබූ බව පොලිසිය කියයි

ඒ සම්බන්ධයෙන් හෙදිය පොලිසියට කරන ලද දැනුම් දැනුම්දීමක් අනුව සිදු කළ විමර්ශනවලින් අනතුරුව සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

සැකකාරිය අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

පානදුර කොට්ඨාසයේ ජේෂ්ඨ පොලිස් අධිකාරි වෙනුවට වැඩබලන ( සහකාර පොලිස් අධිකාරි) නිශාන්ත සේනාරත්න මහතාගේ උපදෙස් මත පානදුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හේමාල් වීරසිංහ මහතා පරීක්ෂණ පවත්වයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
2
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?