හිටපු තුන් ඉරියව් සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාට දූ’ෂ’ණ චෝදනා

බටහිර ඉන්දීය කොදෙව් හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක මාලන් සැමුවෙල්ස්ට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් අයි.සී.සී. දූ’ෂ’ණ මර්දන පනත යටතේ චෝදනා ගොනු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පන්දුවාර 10 ක්‍රිකට් ලීගයකට අදාළව මෙම චෝදනා ගොනු කර ඇති බව වාර්තා වේ.

ඉකුත්දා (21දා) දිනයේ සිට දින 14 ක කාලයක් දක්වා මෙම චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා සැමුවෙල්ස්ට කාලයක් ලබා දී තිබේ.

ඉකුත් 2020 වසරේ අග භාගයේදී සිය සමුගැනීම නිවේදනය කළ සැමුවෙල්ස්, 2000 වසරේ සිට 2018 වසර දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැඳී සිටියේය. එම කාලයේදී ඔහු ටෙස්ට් තරග 71කට, එක්දින තරග 207කට හා 20යි 20 තරග 67කට ක්‍රීඩා කරමින් ජාත්‍යන්තර පිටියේ ලකුණු 11,134ක් ලබා කඩුලු 152ක්ද බිඳ හෙළීමට සමත්වූවෙකි.

කොදෙව්වන් දිනූ 2012 සහ 2016 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ද්විත්වයේම අවසන් තරගයේ වීරයා සම්මානයෙන් ද සැමුවෙල්ස් පිදුම් ලබා තිබේ.

උක්ත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති පන්දුවාර 10 ක්‍රිකට් ලීගයට අදාළව මීට ඉහතදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටද චෝදනා එල්ල වූ අතර ඉන් ක්‍රීඩකයන් කිහිපදෙනකු නිර්දෝෂී බවටද සනාථ විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34
Video thumbnail
"මේ පිඟන් දිගටම පාවිච්චි කරන්න එපා"ගලෙන්බිඳුණුවැවේ දන්සල් PHI නිලධාරින් ඇවිත් පරීක්ෂා කරයි
04:47
Video thumbnail
වෙසක් පෝය නිමිත්තෙන් බදුල්ලේ පැවැත්වූ විශාලම බත් දන්සල..දහස් ගණනින් ජනතාව පැමිණෙයි
01:53
Video thumbnail
රවින්ද්‍ර යසස් ආණ්ඩුව ගැන කිව්ව අමුතු සිංදුව..මිලියන 23 යයි වතුරේ..හුන්ඩුව ඇයි තනිකර දැමුවේ..
01:03